IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ත්‍රිරෝද රියදුරු මරා පුංචි ලෝකාන්තයට දාලා

(ප්‍රසාද් රුක්මල් ) 

හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකු මඩොල්සිම පුංචිලෝකාන්තය අසල ට රැගෙන ගොස් පහරදී   සිරුර  මඩොල්සිම පුංචිලෝකාන්තයේ ප්‍රපාතයට ඇද  විසිකර දෑමූ බව කියන පුද්ගලයකු අද (14) සැකපිට අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි .

මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ හාලිඇල රොසට්වත්තේ විවේකානන්දන් සුජීවන් (23) නැමති අවිවාහක තරුණයකු යැයි පොලිසිය කීය .

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මඩොල්සිම බටාවත්ත ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රබොස් දයාලන් (34) නැමති එක්දරු පියෙකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය .

හාලිඇල රොසට්වත්තේ පදිංචි ඝාතනයට ලක්වූ තරුණයා මඩොල්සිම බටාවත්තේ පදිංචි සැකකරු ගේ ත්‍රීරෝද රථය රුපියල් 3,50000ක මුදල් ගෙවා රුපියල් 13000 බැගින් වාරික 36කින්  ලිසිං ගෙවීමේ   ක්‍රමයට ත්‍රීරෝද රථය මෑතදී මිළදී ගෙන ඇති බවද පොලිසිය පවසයි 

සැකකරු හාලිඇල ක්වින්ස්ටවුන්වත්තේ කාන්තාවක සමඟ විවාහ වී  ඇති බවත් මොවුන්ට එක් කුඩා දරුවෙකු සිටින අතර , සැකකරු ගේ බිරිද දරුවෙකු ප්‍රසූත කිරිමට බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිට්න බවත් පොලිසිය සදහන් කළේය .

මොහු මඩොල්සිම බටාවත්තේ නතර වී එහි කම්කරු රැකියාව ක නිරතව සිට ඇති අතර , ආර්ථික අපහසුතාව හේතුවෙන් මොහු  එම වත්තේ පදිංචි මිතුරෙකු සමඟ එක්වී   මැනික් ගල්  කීපයක්  සහ රන්භාණ්ඩ  විකිණීමට යාමට ඇති බවට හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරු ට කතා කර ඔහු ඉකුත් 30 වන දින රාත්‍රි මඩොල්සිම නගරයට ගෙන්වා ගෙන ඇති බවත් ,මඩොල්සිම නගරයේ ඉන්ධන පිරවුම් හල අසල දී සැකකරු සහ ඔහුගේ මිතුරා මෙම ත්‍රීරෝද රථය ට ගොඩ වී තිබෙන බවත් පොලිසිය පවසයි .

පසුව සැකකරු පුංචිලෝකාන්තය ට යන    මාර්ගය අසල කැලෑවේ රන්භාණ්ඩ සහ මැණික් ගල් කීපයක් විකිණීමට සූදානම් කර සගවා තිබෙන බව පවසා ත්‍රීරෝද රථ රියදුරු මඩොල්සිම පුංචිලෝකාන්තය අසල ට  පමණ  රැගෙන ගොස් ඇති බවද පොලිසිය පැවසීය .

 

 



අදහස් (0)

ත්‍රිරෝද රියදුරු මරා පුංචි ලෝකාන්තයට දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site