
(සුරංග රාජනායක)
කෝටිපති ව්‍යාපාරිකයකුගේ 17 හැවිරිදි පුතකු පැද වූ නවීන වර්ගයේ ජීප් රථයක් ගම්පොළ බස් නැවතුම්පල ඉදිරිපිට ඇති සුදුඉර අසලදී ඉදිරියෙන් ගමන් ගත් ත්‍රී රෝද රථයක, ගැටී එහි ගමන් ගත් වයස අවුරුදු තුනහමාරක පිරිමි දරුවකු මිය ගොස් දෙදෙනකු තුවාල ලබා ගම්පොළ රෝහලට ඇතුළත් කර ඇතැයි පරීක්ෂණ පවත්වන ගම්පොල පොලිසිය පවසයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ විදේශ රටක සිට ගම්පොළ ඉල්ලවතුර ප්‍රදේශයට පැමිණ සිටි මොහොමඩ් සිරාස් අම්ඩේ නැමැති දරුවායි.
අනතුර සිදුකර ඇති ජීප් රථය නොනවත්වා මීටර 55 ක් පමණ ඉදිරියට ගොස් ගම්පොල පුද්ගලික බස් නැවතුම්පළ තුලට හැරවීමේදී එහි සිටි පලතුරු වෙළෙන්දෙකු ද ගැටී අසල තිබූ තවත් ත්‍රීරෝද රථයක ද ගැටී එම ජීප් රථය නැවතී තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි කෝටිපති ව්‍යාපාරිකයාටයි එයාගේ පුතාටයි නම් නැත්ද..? ඔවුන් නිර්නාමීකද? නැත්‍නම් බයද?
මොන රටේ සඳලා ආපු ළමයෙක්ද මැරිලා තියෙන්නේ? සරණාගතයෙක්ද?
කෝටිපති පුතාගේ පින්තූර ටිකත් දාන්න.
සැරයක් අර රත්තරන් බඩු කාරයෙක්ගේ ළමයෙකුත් ඔහොම ගිහින් මිනිස්සු 6 දෙනෙක්ද කොහෙද මැරුවා නේද? එයාට මොකක්ද දුන්නු දඬුවම?
මොවුන්ව බැඳලා තියාගනිල්ලා අහිංසක මිනිස්සු මරන්නේ නැතිව. තොපිට තොපේ දරුවා වටින්නේ නැති වුණාට අනිත් දෙමව්පියන්ට තමන්ගේ දරුවා වටිනවා.. දෙයක් වුණාට පස්සේ බොරුවට දුක්වෙලා වැඩක් නැහැ.
වාහනයක් පදිනකොට අනතුරක් වෙන්න පුළුවන්... හැබැයි වෙනස් වෙන්න පුළුවන්.... දරුවෙක් නැති වෙච්ච එක ලොකු අපරාධයක්
කෝටිපති හින්දාද ජිප් එකේ ෆොටෝ එකක්වත් නැත්තේ....!
මොවුන්ට දඬුවම් නෑ. සල්ලිවලට ඕනෑ දෙයක් යටයි.. අම්බානක ගහන්න ඕනෑ මතක හිටින්න...
විපක්ෂයට ගෑවිච්ච කෙනෙක් කරා නම් තමයි වැඩේ. මාලිමාවට fund කරන කෙනෙක් වෙන්න ඇති.
මම නම් කියන්නේ ඌව එල්ලලා මරන්න ඕන. නැත්තම් සල්ලි බලය පෙන්නලා බේරෙනවානෙ. අපේ රටේ නීතිය සෞධි අරාබි නීතිය වගේ කරන්න ඕන