
(අංජුල මහික වීරරත්න)
ලොකු ලූනු ආනයනික බදු වැඩි කිරීමේ වාසිය ලැබෙන්නේ දේශීය ගොවියාට හෝ පාරිභෝගිකයාට නොව අතරමැදි වෙළෙඳුන් පිරිසකට බව හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ගොවීන් අර්තාපල් හා ලොකු ලූනු අස්වනු නෙලන අවස්ථාවේදී ආනයනික බද්ද ඉහල නැංවීමෙන් ගොවියාටවත්, පාරිභෝගිකයාටවත් ඒ වාසිය ලැබෙන්නේ නැතැයි කී හිටපු අමාත්‍යවරයා අඩූ ආනයනික බදු තිබෙන විට කූඨ වෙළෙඳුන් ලොකු ලූනු හා අර්තාපල් ආනයනය කර ගබඩා කර ගන්නා බව කීය.
රජය ආනයනික බදු ඉහල නැංවීමට අදහස් කර සිටී නම් ඇතැම් නිලධාරීන් හරහා ඒ තොරතුරු ව්‍යාපාරිකයින්ට ලැබෙන බව කී අමරවීර මහතා
ඒ නිසා ආනයනික බදු ඉහල දැමීමේ වාසිය ගොවියාට වත් පාරිභෝගිකයාටවත් ලැබෙන්නේ නැති බව පැවසීය.
අඩු තීරු බදු යටතේ ගෙන්වූ අර්තාපල් හා ලොකු ලූනු ඔවුන් වැඩි මිලට විකුණන බව කී හිටපු අමාත්‍යවරයා මේ වනවිට වෙළෙඳපලේ ලොකු ලූනු මිල ඉහල ගොස් තිබෙන බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලාගේ ආන්ඩුවලින් ඒවාට ඉඩදීලා තිබුණු නිසා මේපාර අන්තිම වතාවට එහෙම වේවි..!
තමුන් කරපු හරිය හොඳටම ඇති... දූෂිත ආණ්ඩුවේ ඉඳන් ජනතාවගේ රීරී මාන්ශ හූරාගෙන කාපු අය ගැන මොන කතාද?
ඔවා දෙනු පරහට තමා සම්මතේ සිට, දැන් අමරෙගේ ඇස් වලින් කඳුළු පනින්න ලඟයි. නොවැම්බර් 14 පැරදිලා යනකොට කොහොමද?
මෙයාලා එකෙකුටවත් ලැජ්ජාවක් නැහැ . එයා ඇමති කාලේ මොනවද ගොවියාට ලැබුණේ . වී ගබඩා තවමත් හිස්. මහ මෝල් කාරයො අරගෙන ඉවර වෙනකොටම මේං අපි ගන්නව කියනවා. මෙවර තමනුත් ගෙදර .
කොයි ආණ්ඩුව ආවත් ඔච්චර තමයි. දේශපාලකයින් විතරක් වෙනස් කරලා වැඩක් නෑ. රාජ්‍ය නිලධාරින් වෙනස් වෙන්නේ නැතිව. කවුරු ආවත් ඒ මොන පක්ෂයේ නිලධාරින් හිටියත් ඔච්චර තමයි. නිලධාරින්ට ව්‍යාපාරිකයින්ගෙන් ලැබෙන වරප්‍රසාද වෙනුවෙන් ඔහොම වෙනවා. එකට පොහොට්ටු සජබ මාලිමා කියලා නෑ ඔක්කෝම තමන්ගේ වාසියටයි, වැඩ කරන්නේ. සරලම දේ දැන් පිටරට ඉඳන් ලංකාව හදන්න උපදෙස් දෙන අය කිව්වේ දේශපාලනය වෙනස් වුනොත් රටට උදව් කරනවා කියලා. දැන් ආර්ථිකය පොඩ්ඩක් ශක්තිමත් වෙලා ඩොලර් එක අඩු වුණා විතරයි දැන් ගෙදරට සල්ලි දාන්නෙත් උන්ඩියල් වලින්. බලැක් මාකට් එකේ ඩොලර් රේට් එක පොඩ්ඩක් ගිහින් බලන්න....
හැබැයි සුදුළූණු වාසියයි, සීනි බදු වාසියයි හිත පිරෙන්නම ලැබුණානේ. ඒ ඇති...!
පහුගිය කාලේ ගසාකාපු අය දැන් සුද්දෝධනලා වෙන්න හදනවා. මේන්න මේකට ඡන්ද එකක්වත් දෙන්න එපා.