
(අංජුල මහික වීරරත්න)
රජය විසින් වැඩි කරන ලද පොහොර සහනාධාරය අද සිට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
අම්පාර දිස්ත්‍රික්කයේ වී වගා කටයුතු මේ වන විට ඇරඹී ඇති හෙයින් මුලින්ම අම්පාරට එම සහනාධාරය ලබා දෙන බව කී අමාත්‍යවරයා අනතුරුව පොළොන්නරුව, අනුරාධපුරය, මහියංගණය,මහවැලි කලාප ඇතුළු රට පුරා ගොවීන්ට එම සහනාධාරය ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළේය.
රුපියල් 25000 දක්වා වැඩි කරන ලද පොහොර සහනාධාරය පළමු අදියරේදී රුපියල් 15000ක් ද දෙවැනි අදියරේදී රුපියල් 10000ක් ද වශයෙන් ලබාදීමට කටයුතු කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
පොහොර සහනාධාර ලබාදීම සඳහා මේ වන විටත් රුපියල් බිලියන දෙකක මුදලක් අදාල ප්‍රදේශ වලට යවා තිබෙන බව කී අමාත්‍යවරයා ඉතිරි මුදල්ද ඉක්මනින් නිදහස් කිරීමට කටයුතු කරන බව පැවසීය.
2025 දෙසැම්බර් මස 30
54
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
341
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පොහොර සහනාධාරය අද සිට
අමල් Monday, 14 October 2024 04:08 PM
අනුන්ගේ කලිසම් තමන්ගේ වගේ ඇඳගෙන යන මාලිමාකාරයෝ , පහුගිය ආණ්ඩුවෙන් වෙන්කරපු පොහාර සහනාධාරය බෙදන්නේ හරියට තඹුත්තේගම අනුරගේ ගෙදරින් ගෙනැල්ලා වගේ.