
(අමිල චින්තක ගමගේ)
මතභේදයට තුඩු දුන් 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බව විභාග කොමසාරීස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අද (14) විභාග දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේය.
අර්බුදයට ලක් වී තිබෙන 05,13,27 යන ප්‍රශ්න සදහා පිළිතුරු ලියූ,නොලියූ සියලු දරුවන්ට ලකුණු ලබා දෙන නිසා කිසිදු දරුවෙකුට අසාධාරණයක් සිදු නොවන බවද විභාග කොමසාරීස් ජනරාල්වරයා කීය.සමහර මවුපියන් ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 16න් ප්‍රශ්න 8 ක්ම විභාග ප්‍රශ්න පත්‍රයට ඇතුළත්ව ඇතැයි සදහන් කළත් කමිටු කීපයක් මගින් සිදුකළ පරීක්ෂණ වලින් සැකයට භාජනය වී තිබෙන්නේ ප්‍රශ්න 3 ක් පමණක් බවද ඔහු සදහන් කළේය.විභාග ඇගයීම් කටයුතු මාසයකින් පමණ අවසන් කර කර කඩිනමින් ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම යහපත් තීරණයක් , නමුත් ඔවැනි දෑ සිදු නොවන්නයි තිබුනෙ. ප්‍රශ්න හදපු අයම පිටටදෙන එක නතර කරන්න කාටවවත් බැහැ, ඒක ඒ අයගේ හෘද සාක්ෂි සම්බන්ධ ගැටලුවක්, දෙමාපියන් හිතන්නෙ මේක උසස් පෙළටත් වඩා වැදගත් විභාගයක් ලෙස, එම ආකල්පයයෙන් බැහැර වීමට කාලය මේ.
ජනපති සහ අගමැති අතර සටනින් අගමැති දිනුම්! එපමණක් නොවෙයි, අතලොස්සක් වූ දෙමාපියන් හැරෙන්නට සමස්ත ශිෂ්‍යත්ව සිසු පරපුරම දිනුම්...!
පාට පාට අම්මලා ආයේ එයිද රෙද් කරට අරන් විභාගෙ තියන්න...! කියන්න. ඉස්සර ඉතින් මාලිමාව කරපු දේවල් තමයි ඔය...
සෑම වසරකම කණ්ඩායම් දෙකක් හෝ තුනක් මගින් ප්‍රශ්න පත්‍ර සකසා තබාගෙන අමාත්‍යාංශයේ කණ්ඩායමක් විසින් එම ප්‍රශ්න පත්‍රවලින් ප්‍රශ්න තෝරාගෙන විභාග සඳහා පේපර් හදා දරුවන්ට දෙන්න. එතකොට අනුමාන ප්‍රශ්න හදන්න අමාරුයි (අහලා ඇති නේද සුජාතා සිටු දේවිය බෝසතාණන් වහන්සේට කිරිපිඬු සැකසීම සඳහා කිරි ලබාගත් ආකාරය... අන්න ඒ වගේ ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න) ඊළඟට වැරැදි කරුවන් සේවයෙන් පහකිරීම වගේ දඬුවමක් දෙන්න...