(එස්.ඩී .කොඩිකාර )
කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වරල්ල, හොරගල බටහිර ග්‍රාම නිලධාරී වසමේ වතු කම්කරු පවුල් 21 ක පුද්ගලයන් 65 දෙනෙකුගේ ජන්දය ග්‍රාම නිලධාරීවරයා ජන්ද නාම ලේඛනයට ඇතුළත් නොකිරීම හේතුවෙන් පසු ගිය ජනාධිපතිවරණයේ සහ මෙවර පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ද ඔවුන්ගේ ඡන්ද අයිතිය ඉවත් වී ගොස් ඇති බවට පැමිණිල්ලක් ලංකා කම්කරු රතු කොඩි සංගමයට ලැබී ඇති බව එම සංගමයේ දිස්ත්‍රික් ලේකම් පී.ඩී.කුමාර මහතා පවසයි.
පුද්ගලික වත්තක පදිංචි මෙම කම්කරුවන් නොකඩවා ඡන්දය භාවිතා කර සිටි බවත් පසු ගිය ජනාධිපතිවරණයේදී තමන්ට ඡන්ද පත්‍රිකා නොලැබීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් තම සංගමයට ද පැමිණිල්ලක් ලැබුණු බවත් ඉන් අනතුරුව අප මානව හිමිකම් කොමිසමට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකළ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඡන්දය අහිමි වතු කම්කරුවෙකු වූ (39) හැවිරිදි කාලිමුත්තු වල්ලිඅම්මා පැවසීය . පසුගිය ජනාධිපතිවරණයේදී අපිට ඡන්ද කාඩ් පත් ලැබුණේ නැහැ.ඉන්පසු අපි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා මුණගැහෙන්න ගියා අපට ඡන්දය හදලා දෙන්න කියලා. එතකොට කිව්වේ මේ පාර හදලා දෙන්න විදියක් නැහැ. ඊළඟ පාර චන්දනාම ලේඛණයට නම ඇතුළත් කරලා හදලා දෙන්නම් කියලා.දැන් මේ වෙනකොට ග්‍රාම නිලධාරීවරයා වෙනත් වසමකට මාරු වෙලා ගිහින්. අපි කියන්නේ අපේ ඡන්ද අයිතිය ලබාදෙන්න කියලා.
මේ සම්බන්ධයෙන් අදාළ ග්‍රාම නිලධාරීවරයාගෙන් කළ විමසීමකදී ඔහු පැවසූයේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන ආකෘති පත්‍රය අත්සන් ගැනීම සඳහා නිවෙස් වලට යාමේදී ඔවුන් එම නිවෙස් වල නොසිටි බවත් සිටි 12කු ගේ පමණ ඒවාට අත්සන් ලබා ගත් බවයි.
මේ සම්බන්ධයෙන් කොටපොළ ප්‍රාදේශීය ලේකම් ශානිකා අයි පෙරේරා මහත්මියගෙන් කළ විමසීමකදී ඇය පැවසූයේ මේ වන තෙක් තමන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ලිඛිතව නොලැබුණු බවත් එසේ ලැබුණහොත් කඩිනමින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවයි.
2025 දෙසැම්බර් මස 30
54
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
341
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඡන්ද අයිතිය නැතිවු 65 කගෙන් පැමිණිල්ලක්