IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘අවුරා ලංකා’ සභාපතිගේ රහස් ප්‍රකාශයේ පිටපතක් ඉල්ලයි

(උපාලි ආනන්ද)

රහස් පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් තමන්ගෙන් රුපියල් කෝටි ගණනින් කප්පම් ලබාගෙන තම ධනය කොල්ලකෑ බවත් ඒ බව ඔප්පු කිරීමට තමන් සතුව ඔඩියෝ සහ වීඩියෝ සාක්කි ඇති බව පවසමින් ‘අවුරා ලංකා’ සමාගමේ සභාපති විරන්ජිත් තාඔුගල නමැත්තා අධිකරණයට දුන් රහස් ප්‍රකාශයේ පිටපත් අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවට දෙන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මිය අධිකරණ් රෙජිස්ට්‍රාර්වරයාට අද (14) නියෝග කළාය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන  කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් රාජකරුණා මහතා මෝෂමක් මගින් කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය එලෙස නියෝග කළාය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ ප්‍රකාශයක් කිරීමට අවසර දෙන්නැයි ‘අවුරා ලංකා’ සමාගමේ සභාපති විරන්ජිත් තාඔුගල නමැත්තා මීට පෙර අවස්ථාවක කළ ඉල්ලීමකට අවසර දීම හේතූවෙන් නීතිඥ උපාලි ජයමාන්න මහතාගේ මෙහෙයවීම යටතේ ඔහු අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මිය හමුවේ ස්වේඡාවෙන් ප්‍රකාශයක් කළේය.

නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් රාජකරුණා මහතා ගොනු කළ මෝෂමකට අනුව මෙම නඩුව කැඳවු අවස්ථාවේදී තාඹුගල නමැත්තා දුන් ප්‍රකාශයේ පිටපතක් තමන්ට නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය තාඹුගල නමැත්තා දුන් ප්‍රකාශයේ පිටපතක් රහස් පොලිසියට නිකුත් කිරීමට නියම කළාය.



අදහස් (1)

‘අවුරා ලංකා’ සභාපතිගේ රහස් ප්‍රකාශයේ පිටපතක් ඉල්ලයි

Janaka Paranamama Tuesday, 15 October 2024 02:28 AM

පිටපත ගත්ත වගේම වැඩෙත් කඩිනමින් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site