IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇමෙරිකා යන්න හැදූ ඉන්දීය ගුවන් යානයක බෝම්බ බියක්

ඉන්දියාවේ මුම්බායි නුවර සිට ඇමෙරිකාවේ ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා යෑමට පිටත් වූ එයාර් ඉන්දියා මගී ගුවන් යානයක බෝම්බ බියක් හට ගැනුණි.

ගුවන් නියමුවන්, ගුවන් ගමන් පාලකවරුන්ට ඒ බව දැනුම් දීමෙන් පසු, නවදිල්ලි අගනුවර ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට යානය හරවා යැවුණි.

යානය ගාන්ධි ගුවන්තොටුපොළේ හුදෙකලා ගුවන් පථයකට ගොඩ බෑ අතර, යානයේ සිටි මගීන් නියමුවන් සහ කාර්ය මණ්ඩලය හිස් කිරීමට දිල්ලි පොලිසිය, ආරක්ෂක අංශ පියවර ගත්තේය.

ඉන්පසු බෝම්බ නිෂ්ක්‍රීය අංශ සාමාජිකයන් ගුවන් යානය සෝදි කළ නමුත් බෝම්බයක් හෝ පුපුරන ද්‍රව්‍ය කිසිවක් හෝ හමු නොවුණු බව පැවැසෙයි.

යානයේ මගීන් 239 දෙනකු සිටි අතර, ඔවුන් වෙනත් ගුවන් යානයකින් ඇමෙරිකාවට රැගෙන යෑමට කටයුතු යෙදුණු බව පසුව දැනගන්න ලැබුණි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඇමෙරිකා යන්න හැදූ ඉන්දීය ගුවන් යානයක බෝම්බ බියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site