
(අංජුල මහික වීරරත්න)
ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට ජනතාවට ලබාදීමේ රජයේ වැඩපිළිවෙල අනුව දිවයින පුරා ඔසුසල් ජාලාවක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) නැගෙනහිර පළාතේ පොතුවිල් ඔසුසල ශාඛාව විවෘත කරමින් පාලිත මහීපාල මහතා මේ බව කීය.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල් ජාලයේ 62 වන ඔසුසල ශාඛාව මෙය වේ.
අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම සදහා පොතුවිල් මුලික රෝහල මධ්‍යම රජයට පවරා ගනිමින් එම රෝහල් ලබාදෙන රෝගී ප්‍රතිකාර සේවා තව තවත් පුළුල් කිරීම සදහා පළාත් සභාවේ අනුමැතිය හා සහයෝගය යටතේ කටයුතු සිදු කරන බවද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා කීය.
ඒ අනුව ඉදිකිරීම් කටයුතු අවසන් අදියරේ පවතින නව ගොඩනැගිලි දෙකක් ඉදිරි මාස දෙක ඇතුලත ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කරන බවත්,බාහිර රෝගී අංශය,හදිසි ප්‍රතිකාර ඒකකය,ශල්‍යාගාර සහ අනෙකුත් පහසුකම් සහිත ගොඩනැගිල්ලක් මෙන්ම පරිපාලන හා බාහිර රෝගී සායන සදහා ගොඩනැගිල්ලක් ඒ යටතේ වන බව ද පාලිත මහීපාල මහතා පැවසීය.

2025 දෙසැම්බර් මස 30
54
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
341
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රට පුරා ඔසු සල් අරින්න යයි
ජයරත්න Monday, 14 October 2024 02:16 PM
ගුණාත්මක බෙහෙත් තියෙන්නේ පුද්ගලික ඔසුසල්වල කියලයි බොහෝ දෙනෙක් කියන්නේ... මගේ දරුවාට නොමිලේ රෝහලෙන් දෙන බෙහෙතක් හරි ගියේ නෑ. නමුත් එම බෙහෙතම (නිෂ්පාදිත රට වෙනස්) බොහෝ බාධක මැද අධික මිලක් ගෙවමින් පිට රටකින් ගෙනවිත් දෙන්නේ) ඒවාටත් විසඳුමක් දෙන්න...
Nelu Monday, 14 October 2024 05:44 PM
@ජයරත්න. ඔබේ කතාව හරි. අපේ වයසක නැන්දා කෙනෙක්ට වයිරස් උණ හැදිලා බෙහෙත් ගන්න වුණා. දොස්තර නියම කර බෙහෙත් ගෙදර අය අරන් දීලා තියෙන්නේ ඔසුසැලෙන්. නැන්දාට දවස් දෙක යනකොට හිටියාට වඩා අමාරු වුණා. ආපහු ගෙනිච්චා අර බෙහෙත් එක්ක. දොස්තර කිව්වේ මේ මොකක්ද කරේ කියලා. ඒ වෙලේම ඔසුසලේ SPC බෙහෙත් නවත්වලා නියම බ්‍රෑන්ඩ් එකේ බෙහෙත් දුන්නා. දවස් දෙක යනකොට ටික ටික අමාරුව අඩුවුණා. නමුත් SPC සහ ඉන්දියන් ලාබ බෙහෙත්වලින් ලෙඩාට හොඳටම අමාරු වුණා. මුලින් ලෙඩ වුණාටත් වඩා...
B AmarasingheTuesday, 15 October 2024 02:07 AM
ඕක සම්පූර්ණ වැරදි කතාවක්. ඔසුසලේ බෙහෙත් නියම ප්‍රමිතියකින් යුක්තයි. ඕක පාමසිකාරයෝ වැඩි ලාබ ගන්න පතුරුවන කතාවක්. සමහර පාමසිවලට ගියාම අහනවා ලාබ එකද අනික් එකද ඕනේ කියලත්. අනික් අතට කෙහෙලියෙගේ කාලේ බාල බෙහෙත් ආව නිසා ඕක කියන්නත් ඇති. ඔය කතාව පැතිරෙන්නත් ඇති නමුත් ඒවා ඔසුසල්වල නෑ.
pubudu Monday, 14 October 2024 02:30 PM
මිනිස්සු පෝලිමේ නොතියා කඩිනමින් බෙහෙත් ලබාදෙන්න වැඩ පිළිවෙළක් හැදුවා නම් වටිනවා
Jagath Monday, 14 October 2024 06:58 PM
ඉන්දියාවෙන් ගේන ඉතාමත්ම බාල ඖෂධ නවත්තලා බටහිර රටවලින් හොඳ ගුණාත්මක බෙහෙත් ගේන්න අවධානය යොමු කරන්න.
Jagath Monday, 14 October 2024 07:32 PM
අපේ රටෙත් ඉතාමත්ම ගුණාත්මක ඖෂධ නිෂ්පාදනය කරන්න බටහිර රටවලින් අවශ්‍ය තාක්ෂණය සහ අවවාද උපදෙස් ලබා ගන්න.. ඉන්දියාව පිටිපස්සෙන් ගිහිල්ලා අපේ රටට කවදාවත් යහපතක් වෙන්නේ නැත.
Rama Monday, 14 October 2024 09:19 PM
ඉන්දියාවෙන් බාල බෙහෙත් ලාබෙට ගෙන්නලා එක්කෙනෙකුත් කොමිස් ගහලා රටේ ජනතාව රැවටීම කරේ රාජිත. ඔහු ගෙන්නපු පිළිකා බෙහෙත් වැඩක් වුනේම නෑ. ගාණ අඩු කරා කියලා අපේ ගොඩක් අය සතුටු වුණේ බෙහෙත් කොලිටි එක ගැන නොහිතා. මේ ගැන නම් නව රජය හොයන්න ඕනෑ.
S,p,bandara Tuesday, 15 October 2024 06:53 AM
ඔය ඔසුසල්වල වගේම රජයේ රෝහල්වල බෙහෙත් පෝලිම්ද කාර්යක්ෂමව වැඩකරන්න වැඩපිළිවෙලක් හදන්න ඕනෑ. දොස්තරලාගේ සිට කම්කරුවා දක්වාම පෝලිම් දකින්න තියෙන්නේ මාර ආසාවක්. ඔවුන්ට පෝලිම් කියන්නේ දිව්‍යලෝකේ වගේ එකක්... ඔසුසැලෙත් එහෙමයි. මේ මුග්ධ ආකල්ප වෙනස්කරන්න නැවත ඉගැන්වීමක් කරන්න ඕනෑ.
sam Tuesday, 15 October 2024 07:04 AM
නියමයි. හැබැයි එම ඔසුසල් වලට අවංක නිලධාරීන් දාන්න. නැතිනම් බෙහෙත් තියාගෙන නැහැ කියලා පුද්ගලික ෆාමසිවලට යවනවා. අන්න ඒකටත් පිළියමක් යොදන්න...!
de silva Tuesday, 15 October 2024 04:22 PM
අලුතෙන් ඔසු සල් අරින්න අවශ්‍ය නැහැ. රට පුරා තිබෙන රජයේ රෝහල්වලට ගුණාත්මක බෙහෙත් අවශ්‍ය ප්‍රමාණයට බෙදා හැරියා නම් ඔය ප්‍රශ්නේ විසඳෙනවා. රටින් ගෙන්වපු බෙහෙත් වසර ගණන් පුස්කමින් ගබඩාවල තිබිලා පස්සේ විසිකරලා දමනවා.