IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


’’ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට ආසන්නයි’’

(විමුක්ති එස් රුද්‍රිගු)

ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළඹී ගිවිසුම් සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තහවුරු කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

සරල වචනයෙන් කීවොත් ඉන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට ඉතාමත් ආසන්න බව යැයි විදේශ කටයුතු අමාත්‍යවරයා පැවැසුවේය. 

ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලිය අවසන්වීමත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී තිබෙන ආධාර වැඩසටහනේ තෙවැනි සමාලෝචනයට යෑමට රජයට හැකියාව ලැබෙනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

එමගින් මෙරට ආර්ථිකය තවත් ස්ථාවර කරගැනීමට මෙන්ම තිරසරභාවයේ පදනම තවත් ශක්තිමත් කර ගැනීමටත් සියල්ල ඇතුළත් ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමටත් හැකිවන බවද අමාත්‍යවරයා පැවැසුවේය.

මෙරට සිටින විදේශ දූත පිරිස සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර විදේශ කටයුතු අමාත්‍යංශයේදී ඊයේ(14) හමුවක් පැවැති අතර එහිදී ඔහු මෙම අදහස් පළ කළේය.

වංචාව සහ දූෂණයට කිසිම සමාවක් ලබා නොදෙන ප්‍රතිපත්තිය යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ප්‍රධාන කරුණු කීපයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් දුෂණ චෝදනා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන මේ වනවිට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කඩිනම් කර ඇති බවත් අමාත්‍යවරයා පැවැසුවේය.

අතීතයේදී මතුවූ ගැටළු ආමන්ත්‍රණය කරමින් සියලුම ජනතාවගේ මානව හිමිකම් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට රජය කටයුතු කරනු ඇති බවද විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (6)

’’ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට ආසන්නයි’’

යෝගා Monday, 14 October 2024 07:38 PM

ඒ කියන්නේ සීයා තිතටම වැඩ ටික කරලයි ගිහිල්ලා තියෙන්නේ? කතාවෙන් තේරෙන්නේ ඒ අඩි පාරේම යනවා කියන එකයි.

:       25       221

උපාලී හේරත් Monday, 14 October 2024 08:40 PM

කියන කිසිවක් ඵකපාර විශ්වාස කරන්නේ නෑ. ඉක්මනට කරන්නත් බෑ . 76 වසරක් තට්ටු මාරුවට විනාශ කරපු රටක් මේක. අපේ රටට හොදක් වෙනවා නම් සතුටුයි.

:       9       32

බණ්ඩා Monday, 14 October 2024 09:33 PM

රනිල් මේ ගැන පැහැදිලිව කිව්වා. හැබැයි පුළුවන්නම් එක අකුරක් වෙනස් කරලා පෙන්නන්න කියලා. මොනවා නැතත් රනිල් ඇත්ත කිව්වා.

:       9       119

ajith Monday, 14 October 2024 10:17 PM

සීය නෙමෙයි බන්. නන්දලාල් වීරසිංහ ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිස.

:       71       24

සාලිය​ Tuesday, 15 October 2024 06:53 AM

"සිස්ටම් චේන් ජ් හෙවත් පුනරුදය​..." දැන් දියුණු ආර්ථිකයක්... රනිල් ගේ හෙවනැල්ලකි...

:       0       1

Perera Tuesday, 15 October 2024 06:56 AM

දාලා තියන සමහර කමෙන්ටු කියෙව්වාම වැටහෙනවා ලංකාවේ ඉන්නේ මොනතරම් අම්බරුවන්ද කියලා... රටට කෙළවෙලා තියෙන්නෙත් ඔවුන් නිසා තමයි...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site