දොස්තරට ගිනි අවි පෙන්වා රන් ආභරණ කොල්ල කාලා වෑකඩ ප්‍රාථමික රෝහලට කඩාවැඳුණු නාඳුනන පුද්ගලයකු වෛද්‍යවරියකට ගිනි අවියක් පෙන්වා රුපියල් 1,80,000ක් පමණ වටිනා රන් මාලයක් සහ අත් පලදනාවක් කොල්ල කා පලාගොස් ඇතැයි බඩල්ගම පොලිසිය පවසයි. 05 June 2024
සිඟිත්තා පස්කන්දට යටවේ කෑගල්ල මංගලගම කුරුඳිය වළහේන ගමෙහි නිවෙසක් අසල වූ කඩා වැටුණු පස් කන්දකට යටවී වයස අවුරුදු තුනහමාරක සිඟිත්තකු මිය ගියේය. 05 June 2024
වැලිඔය දැරියට පහරදුන් නරුමයා මාට්ටු වැලිඔය සම්පත්නුවර කල්‍යාණපුර ගම්මානයේ පසුගියදා කුඩ දැරියකට අමානුෂිකව පහරදුන් සිද්දියේ ප්‍රධාන සැකකරු වන කුකුල් චමින්ද නොහොත් බිබිලේ චමින්ද අද (05) අලුයම අත්අඩංගුවට ගත් බවට පොලීසිය පැවසීය. 05 June 2024
ඉන්දීය යුවළ මුහුදේ ගිලෙයි මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටි ඉන්දීය ජාතික අඹු සැමි යුවළක් තිස්සමහාරාම, කිරින්ද මුහුදු වෙරළේ රළ පාගමින් සුන්දරත්වය නරඹමින් සිටි අවස්ථාවේ චණ්ඩ රළ පහරකට අසූ වී ගසාගෙන ගොස් මුහුදේ ගිලි මිය ගොස් ඇතැයි කිරින්ද පොලිසිය පවසයි. 05 June 2024
ගෝරියට මැදි වූ මන්ත්‍රී ගුණතිලකට පැය 3ක සැත්කමක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන් අතර බහින් බස්වීමකින් පසුව ඇතිවූ ගැටුමකදී තුවාල ලැබූ රාජපක්ෂ මහතාගේ පාදයකට අද (4) පැය තුනහමාරක පමණ ශල්‍යකර්මයක් කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. 05 June 2024
දරුවෝ 100 යි: එක වැසිකිළියයි ගාසා තීරයේ දකුණු කෙළවරේ, රෆා නගරයට නුදුරින් පිහිටුවා ඇති සරණාගත කඳවුරක කුඩා දරුවන් 100 කට වැඩි පිරිසක් ඉතාමත් දුක්ඛිත තත්ත්වයකින් පසුවන බවත් ඔවුන් සියලු දෙනාට ඇත්තේ එක් පොදු වැසිකිලියක් බවත් බටහිර මාධ්‍ය වාර්තා කරයි. 05 June 2024
ජනපති මෝදිට සුබ පතයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ NDA පක්ෂයට මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක් කළේය. 05 June 2024
‘‘හොරකම් නැති රටක් නිර්මාණය කරනවා‘‘ මේ වන විට රට පාලනය කරන්නේ හොරකම, දූෂණය, අල්ලස හා වංචාව ආරක්ෂා කරන රජයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 04 June 2024
ත්‍රිරෝදය හදද්දී පිපිරිමක් ඇල්පිටිය පිටුවල ගරාජයක අද (4) පස්වරුවේ ඇතිවූ පිපිරිමකින් බරපතල පිලිස්සුම් තුවාල ලැබූ ගරාජ් හිමියා පිළිස්සුම් තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති බව ඇල්පිටිය පොලීසිය කියයි. 04 June 2024
වැස්සෙන් 17ක් මරුට ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගළයින් 17 ක් මියගොස් 13 ක් තුවාල ලබා එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි. 04 June 2024
ජේතවන සිද්ධියට රියැලිටි ගායකයකු ඇතුළු පහක් මාට්ටු අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය, සොරකම් කිරිමෙි සිද්ධියට එම ජාවාරමේ මහ මොළකරැ බව කියන රූපවාහිනී නාලිකාවක රියැලිටි තරගයකට සහභාගීවී අවසාන කීප දෙනා අතරට තේරී පත්වී ඡයගත් ප්‍රසිද්ධ ගායකයකු ඇතුළු සැකකරුවන් පස්දෙනකු අකුණු සන්නායකයේ ආරෝපණය පරීක්ෂා කරන කරන උපාංගයක් , නවීන මෝටර් රථයක් සහ ස්මාර්ට් ජංගම දුරකථන පහක් සමඟ අත්අඩංගුවට ගත් බව උඩමළුව පොලිසිය පවසයි. 04 June 2024
දිස්ත්‍රික්ක 10කට නාය යාමේ අනතුරු ඇඟවීම් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 76 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද( 04 ) පස්වරුවේ නිකුත් කර තිබේ. 04 June 2024
මෙක්සිකෝ නගරාධිපතිනිය මරා දමලා බටහිර මෙක්සිකෝවේ නගරයක නගරාධිපතිනියක ඝාතනයට ලක් විය. නගරාධිපතිනිය ඝාතනයට ලක් වූයේ, මෙක්සිකෝවේ ජනාධිපති ධුරය පළමු වරට කාන්තාවකට හිමිවී පැය කීපයක් ගත වෙද්දීය. 04 June 2024
සඳෙන් පස් අරන් චීන යානය ඔන්න ආපසු එනවා සඳේ අඳුරු කලාපයට ගොඩබැස, සූරා පස් සාම්පල ලබා ගත් ’චැංග් ඊ 6’ නමැති චීන රොබෝ යානය ඊට ලබා දී ඇති උපදෙස් අනුව ක්‍රියා කරමින්, ආපසු පෘථිවිය බලා පිටත් විය. 04 June 2024
ජනපති උඩින් ගිහින් ආපදා නිරීක්ෂණය කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගුවනින් ගොස් ප්‍රදේශ කිහිපයක ගංවතුර සහ ආපදා තත්ත්වය නිරීක්ෂණය කළේය. 04 June 2024
හෙට වැසෙන පාසල් දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල සියලු පාසල් සඳහා හෙට(05) නිවාඩු ලබාදි ඇතැයි පළාත් අධ්‍යාපන කාර්යාලය නිවේදනයක් නිකුත් කරතිබේ. 04 June 2024
‘යළි පා.ම වෙන්න බලාපොරොත්තුවක් නෑ‘ යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමේ බලාපොරොත්තුවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. 04 June 2024
විදුලිබල ප්‍රතිසංස්කරණ පනතේ සංශෝධන පිළිගන්නවා විදුලිබල ප්‍රතිසංස්කරණ පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති සියලු සංශෝධන පිළිගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (4) පැවසීය. 04 June 2024
බදු වංචාවක් කරන්න ගිය ව්‍යාපාරික දෙකක් මාට්ටු ඩුබායි සිට මෙරටට ගෙන ආ භාණ්ඩ තොගයක කොටසකට අඩුවෙන් තීරු බදු ගෙවා සහ තවත් භාණ්ඩ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ව්‍යාපාරිකයන් දෙදෙනෙක් අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ. 04 June 2024
රුවන්ගෙන් ගංවතුර ආධාර ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ආසනයේ ප්‍රදේශ කිහිපයක ගං වතුරෙන් ආපදාවට පත්වූවන්ට කඩිනම් සහන සැලසීමේ සත්කාරක වැඩසටහනක් කාලගුණ විපර්යාස පිලිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ අනුග්‍රහය සහ අධීක්ෂණය යටතේ අද (4) ක්‍රියාත්මක විය. 04 June 2024
අනුරපුරේ පාසල් පහළොවක් වැහිලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් පහළොවක් 2010 වර්ෂයේ සිට මේ දක්වා ගොස් ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය. 04 June 2024
විදුලි පනතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැනියි විදුලි පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය. 04 June 2024
විපක්ෂය එතැන ඉන්නේ අභියෝග බාර නොගත් නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතාවන් කඩකළහොත් නැවත රට ආපස්සට යන බැවින් එම සියලු එකඟතාවන් නීති ගත කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 04 June 2024
කොටස් වෙළෙදපොළ වැටිලා මහ මැතිවරණය ආරම්භයේදී අපේක්ෂා කළ ආකාරයට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ භාරතීය ජනතා පක්ෂයට විශාල බහුතරයක් ලබා ගැනීමට හැකියාවක් නොලැබෙන බවට පෙනී යාමත් සමඟ ඉන්දීය කොටස් විකුණුම් මිල දර්ශකය වන සෙන්සෙක්ස් දිවා කාලයේදී ඒකක 5522.98 කින් පමණ පහත වැටී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 04 June 2024
තීන්දු තීරණ ගන්නා විට කාන්තාවත් ලඟ සිටිය යුතුයි රටක තීන්දු තීරණ ගන්නා විට කාන්තාවන් සහ පිරිමින් එකට වාඩිවී තීරණ ගන්නවා එය රටට වඩා වැදගත් වෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්රීනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. 04 June 2024
කොංග්‍රසයට ආසන 100 ක් මෙවර මහ මැතිවරණයේදී ඉන්දීය කොංග්රස් පක්ෂයට ලොක් සභාවේ තුළ ආසන 100 කට වැඩි සංඛ්‍යාවක් හිමිකර ගැනීමට හැකියාව ලැබුණේය. 2014 වසරින් පසුව ඉන්දීය කොංග්රස් පක්ෂය ලොක් සභාව තුළ හිමිකර ගත් වැඩිම ආසන සංඛ්‍යාව මෙය විය. 04 June 2024
ගංවතුරින් රටපුරා 17 ක් මරුට ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 17 ක් මියගොස් 13 ක් තුවාල ලබා එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. 04 June 2024
මෝදිට බහුතරය අහිමි වේවිද? ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ භාරතීය ජනතා පක්ෂයට තියුණු සටනක් දීමට විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලින් සමන්විත ‘ඉන්දියා’ විපක්ෂ සන්ධානය සමත් වී සිටී. 04 June 2024
2032 ඔලිම්පික් දිනන්න දැන් තියා සූදානම් වෙයි 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් තරගාවලිය ඉලක්ක කර ගනිමින් පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වර්ධනය කිරීම පිණිස රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 04 June 2024
මෝසමේ දෝස නසන්න බලකායක් මෙවර නිරිත දිග මෝසම් තත්ත්වය හමුවේ පීඩාවට පත්ව ඇති ජනතාවට සහන සැලසීම සඳහා ක්ෂණික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 04 June 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026