ලාෆ් ගෑස් රුපියල් 160 කින් අඩු කරයි ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 160 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමාගම අද (3) නිවේදනය කළේය. 04 June 2024
අක්කරෙයිපත්තුව රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරිවරයෙක්ට විරෝධයක් අක්කරෙයිපත්තුව මුලික රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරිවරයෙක් වන වෛද්‍ය ජාවාහිර් මහතා නැවත අක්කරෙයිපත්තුව මුලික රෝහලට පැමිණීමට විරෝධය දක්වමින් අක්කරෙයිපත්තුව මුලික රෝහල ඉදිරිපිට රෝහල් කමිටුවේ සාමාජිකයින් විසින් විරෝධයක් පවත්වනු ලැබීය. 04 June 2024
අධ්‍යාපනය පිම්මකින් පන්නන යෝජනාවලියට කැබිනට් අනුමැතිය අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම සඳහා අධ්‍යාපන පරිපාලන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 04 June 2024
ධාන්‍ය කිහිපයක ආනයන පාලනය ඉවතට තෝරාගත් ධාන්‍ය වර්ග ආනයනය කිරීම සඳහා වන ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාව ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 04 June 2024
රට පුරා සන්නද්ධ හමුදාව කැඳවීමට ආඥාවක් මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇතැයි කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 04 June 2024
බටහිර ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරගාවලි සංචාරයකට ලංකාවේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරගාවලි සංචාරයක් සදහා අද(04) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 04 June 2024
ආපදා සහන මුදල වැඩි කරන්න ආපදාවලින් විපතට පත් වූවන්ට ලබා දෙන සහනාධාර මුදල ප්‍රමාණවත් නැති හෙයින් වහාම ඊට අදාළ චක්‍රලේඛය වෙනස්කර සහනාධාර මුදල වැඩි කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (4) රජයෙන් ඉල්ලීමක් කළේය. 04 June 2024
ආචාර්ය හේමාලිට ජාත්‍යන්තර තනතුරක් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ (World Organization for Animal Health) ආසියා පැසිෆික් කලාපීය කාර්යාංශයේ ( Asia- Pacific Regional bureau) උප සභාපති ධුරයට පත් කර තිබේ. 04 June 2024
තෙවන වරටත් ඉන්දියාව මෝදිට ලැබූ මැතිවරණ ජයග්‍රහණයත් සමඟ ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය පිහිටුවන නව රජයේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා නරේන්ද්‍ර මෝදි මහතා නම් කරන බවත් ඒ අනුව තෙවැනි වතාවටත් නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ඇති බවත් එම සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 04 June 2024
දකුණෙන් පළාත් අටක ආදායම් බලපත්‍ර නිකුත් කරයි බස්නාහිර පළාතේ ලියාපදිංචි මෝටර් රථ හැර සෙසු සියලුම පළාත්වල මෝටර් රථවල ආදායම් බලපත්‍ර දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සහ එම පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව දකුණු පළාත් ලේකම් සුමිත් අලහකෝන් මහතා පැවසීය. 04 June 2024
ලිට්රෝ ගෑස් රුපියල් 150 කින් අඩු කරයි ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 150 කින් අඩු කිරීමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පෙරවරුවේ පැවසීය 04 June 2024
දරුවෙක්ට අමානුෂිකව පහරදුන් අයෙක් සොයයි පදවිය, වැලිඔය සම්පත් නුවර පොලිස් වසමේ පදිංචි පුද්ගලයෙකු විසින් අවුරුදු 4 ක් පමණ වයසැති කුඩා දරුවෙකුට අමනුෂිකව පහරදෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසුව ඒ පිළිබඳව පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත. 04 June 2024
උඩරට දුම්රිය ධාවනය පෙර පරිදිම කොළඹ කොටුව හා බදුල්ල අතර දුම්රිය ධාවනය අද (4) සිට යථාතත්වයට පත්ව ඇතැයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය පැවසීය. 04 June 2024
අවුරුදු හයේ දරුවා ළිඳට බිලි යාපනය චාවකච්චේරි ප්‍රෙද්ශයේ වයස අවුරුදු 06 ක කුඩා දරුවෙකු ගෙවත්තේ වූ ළිඳට ඇදවැටී මියගොස් ඇති බව චාවකච්චේරි පොලිසිය සදහන් කරයි. 04 June 2024
ප්‍රතිඵල එයි: මෝදි ඉදිරියෙන් දින 44 ක් තිස්සේ, අදියර 7 ක් යටතේ මහ මැතිවරණය පැවැත්වුවත්, ඡන්ද ප්‍රකාශ කිරීම සිදුවන්නේ ඉලෙක්ට්‍රොනික යන්ත්‍ර ආධාරයෙන් බැවින්, ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ද කඩිනමින් සිදුවෙයි. 04 June 2024
කොලොන්නාව ගංවතුරට තිත තියෙන වැඩසටහනට තැබෙන අනුමැතිය කොලොන්නාව ප්‍රදේශයේ ගංවතුර තත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සඳහා ඒකමතික අනුමැතිය හිමි විය. 04 June 2024
කෙටවල අමුණ පිටාර ගලා ගම්පහ යට වෙයි අධික වර්ෂාතව් සමග ගලා ආ මහා ජලකඳ හේතුවෙන් කෙටවල අමුණ පිටාර ගලා තිබේ. 04 June 2024
දෑස නොපෙනුනත් වසරකට කලින් විභාගය ලියා ඒ 3ක් ගනී කුරුණෑගල පිදුරුවැල්ල ප්‍රදේශයේ උපතින්ම දෘශ්‍යාබාධිත හිමාශා කාවින්දි හේරත් සිසුවිය 2023 වසරේ අපොස උසස් පෙළ විභාගයෙන් ඒ සමාර්ථ තුනක් ලබාගෙන විශිෂ්ට ලෙස සමත් වී ඇත. 04 June 2024
වැස්සේ තාවකාලික අඩුවීමක් දිවයිනේ නිරිත දිග කොටසේ පැවැති තද වැසි තත්වයේ තාවකාලික අඩුවීමක් අද දින සිට බලාපොරොත්තුවන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 June 2024
ගංවතුරේ විනෝද වෙන්න ගිය 20කට කරන්ට් වැදේ ගංවතුරේ විනෝද වීමට ගිය පිරිසක් ගමන් ගත් බෝට්ටුවක් අධි බලැති විදුලි රැහැනක ගැටී 20 දෙනකුට විදුලි සැර වැදී ඇති අතර ඉන් එක් අයකු මියගොස් සෙසු පිරිස බේරි ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි. 04 June 2024
සිසු ගැටුමකින් සිසුවකුට මැහුම් 7ක් දමයි හතරලියද්ද ප්‍රධාන පාසලක 12 ශ්‍රේණියේ සිසුන් දෙදෙනකු අතර ඇති වූ ගැටුමකින් සිසුවකු තුවාල ලබා රෝහල් ගත කළ බව හතරලියද්ද පොලීසිය කියයි. 04 June 2024
ඉන්දීය ඡන්දයේ ප්‍රතිඵල අද අදියර 7 ක් යටතේ, දින 44 ක් තිස්සේ පැවැති ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) ඉන්දියාවේ වේලාවෙන් උදෑසන 8.30 ට ආරම්භ වෙයි. ඒ අනුව ප්‍රතිඵල නිකුත් කිරීම ද සිදුවෙයි. 04 June 2024
ආණ්ඩු පක්ෂ රැස්වීම උණුසුම්:මන්ත්‍රී රාජපක්ෂට තුවාල ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සහ එම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහත්වරුන් අතර ඇතිවූ බහින්බස්වීමක් පසුව ඇතිවූ ගැටුමකදී රාජපක්ෂ මහතා තුවාල ලබා කොළඹ යුද හමුදා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි. 04 June 2024
අනුරගේ රැස්වීම හොරෙන් වීඩියෝ කළ බුද්ධි නිලධාරියාට පහර දීලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල සත්‍යවාදී ක්‍රීඩාංගණයේදී ඊයේ (2) පැවැති රැලියකට පැමිණෙමින් සිටියදී සිවිල් ඇඳුමෙන් සිටි බුද්ධි අංශයකට සම්බන්ධ පොලිස් නිලධාරියකු අනුර කුමාර මහතාගේ ජායාරූප ගැනීමට යාමේදී එහි සිටි පිරිසකගේ ප්‍රහාරයකට ලක්වී ඇතැයි වාර්තාවේ. 04 June 2024
ගම්පහ නගරය ජලයෙන් යටවෙයි ගම්පහ ප්‍රදේශයට ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ නගරය අද (3) පස්වරු වන විට ජලයෙන් යටවී තිබූ බවත් අඛණ්ඩව වර්ෂාව පැවතුණ හොත් රෝහල ද ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවත් ගම්පහ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් අද රාත්‍රී පැවසීය. 03 June 2024
මහනුවර දිසා කාර්යාල වෙබ් අඩවිය ගොළුවෙලා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් පවත්වාගෙන යන kandy.dist.gov.lk නැමති වෙබ් අඩවිය මාස ගණනාවකින් යාවත්කාලීන කර නැතැයි වාර්තාවේ. 03 June 2024
ජේතවනාරාම දාගැබේ අකුණු සන්නායකය උස්සන්න හදලා අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය සොරකම් කර රැගෙන යාමට පැමිණි තිදෙනකු ත්‍රිරෝද රථයක් සමග අත්අඩංගුවට ගත් බව උඩමළුව පොලිසිය පවසයි. 03 June 2024
ගුවන් හමුදාව සීරුවෙන් දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් නිරීක්ෂණයකින් පසු ගුවන් යානා සහ බට පිරිස් ස්ථානගත කිරීමට පියවර ගෙන ඇතැයි ගුවන් හමුදාව පවසයි. 03 June 2024
ශ්‍රී ලංකාව ලකුණු 77 කට සීමාවෙයි නවවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ සිවුවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර නිව්යෝක්හිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 19.1 කදී ලකුණු 77 කට සීමා විය. 03 June 2024
විස්සයි20 ලෝක ශූරයන්ට ඇදහිය නොහැකි තෑගි මල්ලක් ඇමෙරිකාවේදී දැන් පැවැත්වෙන නවවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.45 ක් හෙවත් රුපියල් කෝටි 73 කට අධි මුදල් ත්‍යාගයක් පිරිනමන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව අද (3) පස්වරුවේ නිවේදනය කළේය. 03 June 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026