මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙරිණි . 04 October 2024
ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයෙදී අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූහ. 04 October 2024
රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක් රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා පැවසිය. 04 October 2024
නිමල් පිල ගෑස් සිලින්ඩරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර ඇත. 04 October 2024
කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි. 04 October 2024
ජයශංකර් රනිල් හමු වෙයි නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක නිරත විය. 04 October 2024
ජයශංකර් සජිත් හමුවෙයි ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකොමසාරිස්වරයාගේ නිල නිවසේ දී (04) සිදුවිය. 04 October 2024
මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. 04 October 2024
ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැකිමට ගොස් ලිස්සාගොස් පාසල් ගොඩනැගිල්ලක බිත්තයක ගැටිමෙන් බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර සිසුවා වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර ශික්ෂණ රෝහල වෙත ගිලන් රථයකින් රැගෙන යමින් සිටියදි අද (04) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය. 04 October 2024
’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’ ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත. 04 October 2024
පුංචි ඡන්දෙට එජාපය අලියා පිටින් එයි ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. 04 October 2024
ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය පවසයි. 04 October 2024
අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරදකරු කරනු ලැබූ කිරිබත්ගොඩ පොලිසියේ හිටපු පොලිස් සැරයෙන් වරයෙකුට බරපතල වැඩ සහිතව වසර දෙකක සිර දඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (04) නියම කළේය. 04 October 2024
ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොලිසිය පවසයි. 04 October 2024
මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩුවක් කළ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සහ හිටපු ස.තො.ස. ගබඩා පාලකවරයාට එරෙහි නඩුවේ විත්තියේ සාක්ෂි විභාගය දෙසැම්බර් 02 ආරම්භ කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේය. 04 October 2024
ලංකා සතොසට නව සභාපතිවරයෙක් ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත. 04 October 2024
ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් 04 වැනිදා පැවැත්වීමට අද (05) නියම කළේය. 04 October 2024
දඹුල්ලේ හොර හරක් ජාවාරමක් වටලයි දඹුල්ල ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබා දී ඇති ගව මස් කඩයක් මුවාවෙන් වසර ගණනාවක සිට බලපත්‍ර උල්ලංඝනය කරමින් මහා පරිමාණයෙන් ගවයන් සහ එල දෙනුන් ඝාතනය කොට වී ගබඩාවල මස් තොග ගබඩා කරමින් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය ස්ථානයක් වටලා තිබූ ගබඩා කර තිබූ මස් තොගයක් ඝාතනයට සූදානම් කර තිබූ ගවයන් හතර දෙනෙක් සහ එම ව්‍යාපාරිකයා අද( 04 ) සැකපිට අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව දඹුල්ල පොලිසිය කියයි. 04 October 2024
බේරුවල වරායේ කෝටියක වංචාවකට 3කගේ වැඩ තහනම් පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ විමර්ශන ආරම්භ කර වරාය කළමනාකාරවරයා ඇතුළු සේවකයන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව ධීවර වරාය නීතිගත සංස්ථාවේ මානව සම්පත් කළමනාකාර සිසිල ගුණතිලක මහතා අද(3) පැවැසීය. 04 October 2024
ප්‍රංශ කතකට හදි කළ අයෙක් මාට්ටු ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි. 04 October 2024
රත්නපුර ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී වසන්ත ගුණරත්න මහතා අද(04) සවස පැවසීය. 04 October 2024
ජනපති - IMF සාකච්ඡා දෙවැනි දිනටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය. 04 October 2024
මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. 04 October 2024
ගෙල කපා අඹු සැමි යුවළ මරලා අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි. 04 October 2024
‘බන්දුල කලකිරේ‘ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (04) දින පැවසීය 04 October 2024
ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙරානය සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙස ඉරාන රජය රුසියාවෙන් ඉල්ලීමක් කර ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉරාන් ඉන්ටර්නැෂනල් නාලිකාව වාර්තා කළේය. 04 October 2024
හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි 2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත. 04 October 2024
ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පසුගියදා ප්‍රකාශ කළේය. 04 October 2024
ලොව ධනවතුන් අතරේ සකර්බර්ග් දෙවැනි තැනට ලොව ධනවත්ම පුද්ගලයන් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ සිටි ඇමසෝන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස් පසු කරමින් මුහුණු පොතේ ප්‍රධානියා වන මාර්ක් සකර්බර්ග් ලොව ධනවත්ම පුද්ගලයන් අතර දෙවැනි ස්ථානයට පැමිණ ඇත. 04 October 2024
ඉන්දීය විදේශ ඇමැති එයි ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 04 October 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026