
(අංජුල මහික වීරරත්න)
අයකරගත යුතු සම්පූර්ණ බදු ආදායම් අය කරගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ අද (05)වන දා පැවසීය.
මෙම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
මෙම වසරේ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කගත ආදායම සම්පූර්ණ කර ගැනීම සඳහා ගත යුතු ක්‍රමෝපාය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොලැබෙන ආදායම් ලබා ගැනීමට දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදයට වඩා මැදිහත්වීමේ අවශ්‍යතාව මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ සාමාන්‍ය ජනතාවට නොතේරෙන විදියට හදපු කොල පුරවන්න තියෙන අපහසුව නිසාම නොගෙවා මගහරින කට්ටියකුත් ඉන්න බව දැනගන්න. ඔය පුරවන්න තියෙන පෝර්ම සරල කරන්න. එවිට සාමාන්‍ය ජනතාව සහ එතරම්ම උගත් නොවන එහෙත් ධනවත් අය බදු ගෙවයි.
මම දන්නා ආදායම් බදු, සුරාබදු සහ රේගු නිලධාරීන්ගෙන් සියලු දෙනාම පගාව ගන්නවා , එක ප්‍රසිද්ධ රහසක් , ඔවුන් ජිවත්වන ගෙවල් , භාවිත කරන වාහන දිහා බැලුවහම මේක හොදින් නිරීක්ෂණය වෙනවා , ජනාධිපති කිවා කියල ඔවුන්ට පග නොගහ ඉන්න හේතුවක් නැහැ ,
අපේ ආදර්ශමත් ජනාධිපති, අයවියයුතු බදු හරියටම අයකරගෙන තමයි, රතු ලේඛන ගත කන්ටේනර් 323ක් මහා දවාලේ රේගුවෙන් පිට කලේ ! හා නැද්ද මං අහන්නේ ?