කොකේන් සමඟ විදෙස් ජාතිකයා ගුවන් තොටේදී මාට්ටු
රුපියල් නව කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ පිට වී යාමට තැත් කළ විදේශිකයෙකු , ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(08) අත් අඩංගුවට ගෙන තිබේ .