IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


හය දෙනෙක්ගෙන් එක්කෙනෙක් දුප්පත්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ලංකාවේ සෑම පුද්ගලයන් හය දෙනකුගෙන් එක් අයකු දිළිදු බවට පත් වී ඇතැයි ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ග්‍රාමීය දිළිඳු බව මේ රටට විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා.අප රටේ සෑම පුද්ගලයින් හය දෙනෙක්ගෙන් එක් අයෙක් දිළිඳුයි.ඔවුන් අතරිනුත් සියයට 95කට වැඩි ප්‍රමාණයක් ග්‍රාමීය හා වතු ආශ්‍රිත  ප්‍රදේශවල ජීවත් වෙනවා. බහුමාන දරිද්‍රතා දර්ශකයට අනුව මේ දත්ත අප ඉදිරිපත් කරන්නේ.

ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම වත්මන් රජයේ ප්‍රධාන වශයෙන් අවධානයට යොමු වූ ක්ෂේත්‍රයක්.

ගම් හෝ අර්ධ නාගරික හෝ මලයගම් ප්‍රදේශවල ජනතාව බරපතල දරිද්‍රතාවලින් පෙලෙනවා.ඉහළ සිට පහලට ගලා එන සංවර්ධනය වෙනුවට ගමේ ජනතාවගේ අවශ්‍යතා විශ්ලේෂණය කොට ජනතාව විසින් ග්‍රාම සංවර්ධනය සැලසුම් හදා ඒවා ක්‍රියාත්මක කිරීමට අප පහසුකම් ලබා දෙනවා යැයි අමාත්‍යවරයා කීය.

 

 



අදහස් (6)

හය දෙනෙක්ගෙන් එක්කෙනෙක් දුප්පත්

පිටරටවැසියා Wednesday, 05 March 2025 06:50 PM

දශක ගණනාවක් තිස්සෙ "ජනසවිය, සමෘධි, අස් වැසුම" ආදී වැඩසටහන් රටේ ජනතාවගෙ බදුමුදල්වලින් ක්‍රියාත්මක වූ රටක, තාමත් හයෙන් එකක් අන්ත දිළිඳුයි. මිනිස්සුන්ට ආධාර දීල දේශපාලන උවමනා-එපාකම් වලට යොදාගත්ත එක තමයි හැමදාම වුණේ. දශක හතක් තිස්සේ දේශපාලකයෝ, ජනතාවගෙ බදු මුදල් - රාජ්‍ය දේපළ හොරාකාල දියුණු වුණා (එක්කෙනෙක්, දෙන්නෙක් හැරෙන්න)... ඔවුන්ගේ හෙන්චයියනුත් ඒ සමගම දියුණු වුණා... ඔවුන්ට කඩේ ගිය සාමාන්‍ය ජනතාව හිටිය තැනින් තවත් පල්ලෙහාට වැටුණා.

:       1       12

පාඨකයෙක්Wednesday, 05 March 2025 08:54 PM

1."ආහාර මුද්දර" 2. "ජනසවිය" 3. "සමෘද්ධි" 4."අස්වැසුම"

:       1       0

Perera Thursday, 06 March 2025 04:26 AM

ඒ වුණාට රාජපක්ෂ පවුලේ 6 ක් ගත්තොත් 6 දෙනාම පොහොසත් ප්‍රකෝටිපතියෝ නේ

:       1       4

de silva Thursday, 06 March 2025 11:13 AM

එහෙම වෙන්නේ කොහොමද ? දකුණු ආසියාවේ මිල වැඩිම වාහන , පොල් , සහල් තිබෙන්නේ අපේ රටේ , අවශ්‍ය ප්‍රමණයට වැඩිය තුන්ගුණයක් රජයේ සේවකයෝ ඉන්නේ අපේ රටේ , ඉතින් කොහොමද අපි දුප්පත් කියන්නේ ? ඔය සංඛ්‍යා ලේඛන වැරදි ඇති

:       0       1

sanath Thursday, 06 March 2025 11:31 AM

මට නම් නිරීක්ෂණය වෙන්නේ ඕකේ අනිත් පැත්ත 6 දෙනෙකුගෙන් 5 දෙනෙක් දුප්පත් නමුත් ඔවුන් පිටට පෙන්වන්නේ නැහැ , ක්‍රෙඩිට් කාර්ඩ් එකකින් කියක් හරි නයක් අරන් , රත්‍රන් බඩුවක් උකස් කරගෙන එදා වෙලා ගැටගහගෙන යනවා , රටින් හරි ගෙනත් අමතර බදු නොගහ , සහල් වැනි අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය වල මිල පහල නොදැම්මොත් , ජනතාවගේ ජිවනබර වැඩි වෙලා කෝපය පුපුරා ගොස් විශාල සිවිල් යුධ තත්වයක් රටේ ඇතිවෙන්න පුළුවන් , මිනිස්සුන්ට අවශ්‍ය අස්වැසුම , පොහොර සහනාධාර නොව , හම්බු කරන මුදලට අත්‍යවශ්‍ය සහල් වැනි අහර ද්‍රව්‍ය මිලදී ගෙන කාටවත් අත නොපා ජිවත් වෙන්න පුළුවන් පරිසරයක් , ගොවියෝ , දේශීය නිෂ්පාදකයෝ ආරක්ෂා කරන්න කියමින් අසාධාරණ බදු ගැසීම , ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැනි ජනතා මුදලින් නඩත්තු වන සුදු අලි විකුණා දැමීම හෝ වසා දැමීම , අවශ්‍ය ප්‍රමාණයට වැඩිය තුන් ගුණයක් පමණ වන රජයේ සේවකයන් ඉවත් කිරීම හෝ ප්‍රතිවියුහගත කරගෙන රාජ්‍යසේවය කාර්යක්ෂම කරගැනීම , අනිවාර්යයෙන්ම මේ වසර තුලදී කරගන්න රජය ක්‍රියාකළ යුතුය.

:       1       1

Jayasekara Thursday, 06 March 2025 05:00 PM

පහුගිය අය මාරුවෙන් මාරුවට හිටියා නම් 06 ගෙන් 05 දෙනෙක්ම දුප්පත් වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පෙම් යුවළ බසයට බිලි
2025 මැයි මස 14 338 0

යතුරුපැදියෙන් වෙසක් සිරි නරඹමින් ගමන් කරමින් සිටි පෙම්වතුන් යුවළක් මාතර බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ දී පෞද්ගලික බසයකට යටවීමෙන් මියගොස් ඇතැයි මාතර පො


බේස්ලයින් දුම්රිය හරස් මාර්ගය වහයි
2025 මැයි මස 14 203 0

කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර සහ නාරාහේන්පිට දුම්රිය ස්ථානය අතර පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් සඳහා එම හරස් ම


කොත්මලේ අනතුරින් මියගිය අයගේ වන්දි යවයි
2025 මැයි මස 14 145 0

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම්


කාදිනල්තුමෝ නව පාප්වහන්සේ හමුවෙති
2025 මැයි මස 14 1012 0

මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.


ජනාධිපති කාර්යාල වෙසක් සැමරුම් දෙවන දිනටත්
2025 මැයි මස 14 284 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන


දෙමටගොඩ ඝාතනයට හතරක් අල්ලයි
2025 මැයි මස 14 1143 0

දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1365 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1586 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site