IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමිට සන්නස් පත්‍රය පිළිගැන්වීම 10 වැනිදා

(ගයාන් සූරියආරච්චි)

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ 5 වැනි උත්තරීතර මහා නායක පදවිය  බළන්ගොඩ මිරිස්වත්ත ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරාධිපති  අමරපුර රාස්සගල විහාර පාර්ශවයේ කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක හිමියන්ට  පිරිනැමීමේ සන්නස් පත්‍රය පිළිගැන්වීමේ මහෝත්සවය මෙම 10 දා සවස 3.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක  අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

අමරපුර මහා නිකායේ පාලක සංඝ සභාව විසින් ඉකුත් නොවැම්බර් මස 26 වැනි දින ගෝතම තපෝවන සංඝ මූලස්ථානයේදී  කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක හිමියෝ තෝරාපත් කර ගනු ලැබූහ.

ඒ පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද (5) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැතිණ.

එහිදී එම නිකායේ මහා ලේඛකාධිකාරී බලපිටියේ සිරි සීවලී නාහිමියෝ පැවසුවේ අමරපුර මහා නිකාය බිහිකිරීම ලාංකික භික්‍ෂු ශාසනයේ හැරවුම් ලක්ෂයක් බවය.

ඉතිහාසය ලියවී ඇති පරිදි  වැලිතර මහා කරාවේ  ශ්‍රී ඥානවිමල තිස්ස මහා නාමියන් විසින් අමරපුර මහා නිකාය එදා බිහි නොකරන්නට මුළු මහත් දකුණු පළාතම අන්‍යාගමිකරණයට ලක්වීමට ඉඩ තිබූ බවත් බුදු දහම ලංකාවේ සුරක්ෂිත කර ගැනීම සඳහා විශාල ජනතාවකගේ අවශ්‍යතාවය මත අමරපුර මහා නිකාය බිහි වූ බවත් සිරි සීවලී නාහිමියෝ පැවසූහ.

වසර 255 ක ඉතිහාසය තුළ අමරපුර මහා නිකායේ ප්‍රධාන මහා නායක පදවිය පිරිනැමීමේ සන්නස් පත්‍රය  පිරිනමා ඇත්තේ රාජ්‍ය නායකයාගේ ප්‍රධානත්වයෙන් වන අතර 1825 වසරේදී  ලංකාවේ ආණ්ඩුකාර පදවිය හෙබවූ එඩ්වඩ් බ්‍රාන්ස් මහතා ප්‍රථම වතාවට අමරපුර මහා නිකායේ මහා නායක පදවිය සඳහා සන්නස්පත්‍රය පිරිනමා ඇති බවද මහා ලේඛකාධිකාරි  හිමියෝ පැවසූහ.

1952 වර්ෂයේදී අමතර මහා නිකායේ පරිපාලනය හා ඒ ඒ ප්‍රදේශවල උපසම්පදා කටයුතු සිදු කිරීමෙන්  අමරපුර මහා නිකාය පාර්ශව 22 කට පරිපාලනය වී තිබීමෙන් අනතුරුව පසුකාලීනව එම පාර්ශ්ව මහා නායක හිමිවරුන් විසිදෙනමකගේ ප්‍රධානත්වයෙන් 1952 වසරේදී අමරපුර මහා සංඝ සභාව පිහිට වීය.

ඊට අවුරුදු 10 ට පසුව වර්තමානයේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව පිහිටුවාගෙන  එක් මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමකගේ ප්‍රධානත්වයෙන් කටයුතු සිදු කරන බවද  සිරි සීවලී නාහිමියෝ පැවසූහ.

අමරපුර මහා නිකායේ දෙවන මහා සංඝනායක තනතුර දවුල්දෙන ඥානීස්සර මහා නායකහිමියෝත්, තෙවන මහා සංඝනායක පදවිය කොටු ගොඩ ධම්මාවාස මහා නායකහිමියෝත්,  සිව්වන මහා නායක පදවිය දොඩම්පහළ චන්ද්‍රසිරි මහා නායක හිමියෝත් දැරූහ.

පස් වැනි මහා සංඝනායක පදවිය ලබා සිටින කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක හිමියෝ  1948 ඔක්තෝබර් මස 1 දින මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ග්‍රාමයේදී ජන්ම ලාභය ලැබූහ.

මෛත්‍රී මූර්ති මහා නායක හිමියෝ බළන්ගොඩ ආනන්ද මෛත්‍රී මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමකි.

(ඡායාරූප ළහිරු හර්ෂණ)



අදහස් (0)

උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමිට සන්නස් පත්‍රය පිළිගැන්වීම 10 වැනිදා

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොත්මලේ අනතුරින් මියගිය අයගේ වන්දි යවයි
2025 මැයි මස 14 0 0

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම්


කාදිනල්තුමෝ නව පාප්වහන්සේ හමුවෙති
2025 මැයි මස 14 811 0

මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.


ජනාධිපති කාර්යාල වෙසක් සැමරුම් දෙවන දිනටත්
2025 මැයි මස 14 238 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන


දෙමටගොඩ ඝාතනයට හතරක් අල්ලයි
2025 මැයි මස 14 1001 0

දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු


වෙන්නප්පුව මුහුදේ අතුරුදන්වු දෙන්නකුගේ සිරුරු වෙරළට
2025 මැයි මස 14 278 0

වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව


රම්බොඩ බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට
2025 මැයි මස 14 880 0

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1359 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1579 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site