(රෝෂන් තුෂාර)
වසර පහළොවක් තිස්සේ නොගෙවා පැහැර හැරී රුපියල් දෙකෝටියකට ආසන්න වැට් බදු මුදලක් මාසයකින් ගෙවා නිම කරන්නැයි පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් වූ පුතකුට හා මවකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා නියෝග කළේය.
වසර හතරක් තිස්සේ අධිකරණය මග හැර සිටියේ යැයි කියන නාවල පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් වන රිසා ගුණසේකර සහ අයි .ඩබ්ලිව් ගුණසේකර වග උත්තරකාරුවන්ට මෙම නියෝගය නිකුත් කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා වරෙන්තු ලද වග උත්තරකාරිය දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙසටද නියෝග කළේය.
සැකකාරියට රුපියල් මිලියන 25 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ඇපකරුවන් එකම ලිපිනයේ වසර තිහක් පදිංචිව සිටින පුද්ගලයන් විය යුතු බවත්,වග උත්තරකාරියගේ විදේශ ගමන් තහනම් කරන බවටත් නියෝග කළේය.
වග උත්තරකාර සමාගම 2009-2010 වසර සඳහා නොගෙවා පැහැර හැරියේ යැයි කියන රුපියල් 19227332.00 වැට් බදු මුදල අයකර ගැනීම සඳහා දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් 2020 වසරේ පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.
කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර සහ නාරාහේන්පිට දුම්රිය ස්ථානය අතර පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් සඳහා එම හරස් ම
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම්
මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන
දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු
වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කෝටි දෙකේ බදු නොගෙවූ මවට - පුතාට දුන් නියෝගය
ලුම්බිණි Wednesday, 05 March 2025 07:10 AM
ගිය ගිය තැන හොරු.
ගුණරත්න Wednesday, 05 March 2025 08:08 AM
හද්දා පරණ නඩු වල තීන්දු ආවාම ඒවා අලින්නේ අපේ වැඩ! මාලිමා කටුස්සන් කියති
පිටරටවැසියා Wednesday, 05 March 2025 09:32 AM
ඉතාමත් හොඳ තීන්දුවක්. මෙයිට වැඩිය ලොකු තෝරු-මෝරු ඕනෑතරම් ඉන්නවා. ඒගොල්ලන්වත් අත්අඩංගුවට අරගෙන ඉතාම ඉක්මණින් සාධාරණයක් ඉෂ්ට කරන්න.
Abid Wednesday, 05 March 2025 10:32 AM
බියයෝ යටගහලා තිබුණ ඒවා තමයි මේ....
Lalla Wednesday, 05 March 2025 11:29 AM
අද මුදලේ වටිනාකම අනුව කෝටි පහක්වත් ගෙවන්න ඕනෑ.. ලංකාව එහෙම ක්‍රම වේදයකට ගිහිල්ලා නෑ නේද?
P රත්නායක Thursday, 06 March 2025 02:57 PM
හුගක් එවුන් ද්වේශයෙන් බලනවා ව්‍යාපාරිකයින් දිහා. ව්‍යාපාර වැටෙනවා සමහරක් කියන ඒවා කලොත්.බොලා දන්නවද ඇලෝසියස්ගේ බදු අඩුකලා කියා
P රතරත්නායක Thursday, 06 March 2025 02:54 PM
ඔය කුඩා බදු සහ බදු වංචා සම්බන්ද ඒවාට ආණ්ඩු සම්බන්ධ නෑ,