අපේක්ෂක ලැයිස්තු හැදීමේදී පක්ෂ රැසක් අර්බුදයක දූෂණ වංචා චෝදනා එල්ල වූ විශාල පිරිසක් ඉදිරි මහ මැතිවරණයේදී තරග කිරීමට ඉදිරිපත් වීම හේතුවෙන් අපේක්ෂක ලැයිස්තුවලට අපේක්ෂකයන් තෝරා ගැනීමේදී දේශපාලන පක්ෂ රැසක් බරපතළ අර්බුදයකට මුහුණදී සිටින බව වාර්තාවේ. 06 October 2024
ආනයනික අල ලොකු ළූණු තොග මිල ඉහළට අර්තාපල් සහ ලොකු ළූණු ආනයනය කිරීමේදී පැවති විශේෂ ආනයන බද්ද රජය මගින් වැඩි කිරීම හේතුවෙන් පිටකොටුව තොග වෙළෙදපොලේ ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් තොග මිල වැඩි වී ඇතැයි ආනයනකරුවන් හා තොග වෙළෙදුන් පවසති. 06 October 2024
පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව පැය 9 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන සටහන් කරගත් බව වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි. 06 October 2024
මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ . 06 October 2024
අල- ලුනු බදු ඉහලට අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 60 දක්වා ඉහල යනු ඇත. 06 October 2024
ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි. 06 October 2024
තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 06 October 2024
අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘ අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි. 06 October 2024
නීති විදුහල්පති මාරු කරන්න එපා නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත. 06 October 2024
හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි. 06 October 2024
අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’’ නමැත්තා ගිනි අවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථාන විශේෂ මෙහෙයුම් ඒකකය කියයි 06 October 2024
පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය. 06 October 2024
බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවාල ලබා ඇතැයි බෙලිඅත්ත පොලිසිය පැවසීය . 06 October 2024
සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී. 06 October 2024
සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති. 05 October 2024
11 දරුපියා පිහි පහරින් මරුට අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන පොලිසිය ඉකුත් (04) පැවසීය. 05 October 2024
ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහානාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. 05 October 2024
සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිසිය පවසයි. 05 October 2024
ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන් වැඳපුදාගනිමින් ආශිර්වාද ලබා ගත්තේය. 05 October 2024
අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් තිදෙනා ලබන 08 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා අද (05)නියෝග කළේය. 05 October 2024
ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්යක්ෂ තනතුරට රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ. 05 October 2024
කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල මණ්ඩලයේ සේවකයින් විසින් ඉවත් කරනු ලැබීය. 05 October 2024
මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. 05 October 2024
පිටකොටුවේ ඝාතනයක් පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි 05 October 2024
රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක් විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළිබඳව ජාතික විගණන කාර්යාලය පැවැත්වූ අලුත්ම වෝහාරික විගණනයේදි තොරතුරු අනාවරණය කරගෙන ඇත. 05 October 2024
තැන් කීපයකට අදත් පොඩි වැස්සක් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 October 2024
ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූහ. 05 October 2024
සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ. 05 October 2024
මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත. 05 October 2024
පක්ෂ 5කට තහනමක් ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. 04 October 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026