(එච් චන්දන )
විදෙස් රටකින් මුහුදු මාර්ගයෙන් ගෙනවිත් බෝට්ටුවක සඟවා තිබූ දුම්වැටි සහ මත්පෙති තොගයක් කල්පිටිය නාවුක හමුදාවේ කදවුරේ නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබේ.
කල්පිටිය - ඉලිප්පන්දූව දූපත ආසන්නයේ වෙරළ තීරයේ නවතා තිබූ බෝට්ටුවක මෙම දුම්වැටි සහ මත් පෙති තොගය සඟවා තිබී ඇත.
එම බෝට්ටුව තුළ විදේශිය රටක නිෂ්පාදනය කරන ලද දුම්වැටි 1,60,000 ක් අඩංගු කාටුන් 800 ක් සහ වර්ග දෙකකින් යුත් මත් පෙති 22,100 ක් තිබී ඇත. නාවුක හමුදා බාරයට ගෙන ඇති දුම්වැටි සහ මත්පෙති තොගය මුහුදු මාර්ගයෙන් ගෙන එන ලද්දේ කවුරුන් විසින්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd