
(රවින්ද්‍ර ලියනගේ)
එකම අංකට ලියාපදිංචි කළ මෝටර් රථ දෙකක් වෙන්නප්පුව අංගම්පිටියේ ප්‍රදේශයේ තිබියදි වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය මගින් අත් අඩංගුවට ගනු ලැබිය.
සිය මෝටර් රථයේ ලියා පදිංචි පොත හා වාහන පැවරුම් අයැදුම් පත සොරා ගෙන ඒ වෙනුවට ව්‍යාජ ලියා පදිංචි පොතක් මාරුකර ඇති බවට වයික්කාල අංගම්පිටියේ පදිංචි පුද්ගලයකු හලාවත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් කර තිබු බව පොලිසිය කියයි.
එම පැමිණිල්ල අනුව වයික්කාල අංගම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු සතුව තිබු එක හා සමාන ලියා පදිංචි අංක සහිත ටොයෝටා එලියොන් වර්ගයේ එකම වර්ගයේ එකම වර්ණයෙන් යුතු මෝටර් රථ දෙක වෙන්නප්පුව පොලිසිය විසින් සිය බාරයට ගෙන තිබේ.
පොලිස් බාරයට ගෙන තිබු මෝටර් රථ දෙක වැඩිදුර විමර්ශණ කටයුතු සදහා හලාවත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශණ අංශය වෙත බාරදි ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ සිද්ධියකදී නිවැරැදි කරුවාට විශාල වන්දියක් අරගෙන දෙන්න ඕන වැරැදිකාරයාගෙන්. නීතියට අනුව වැඩකරන මිනිස්සුන්ට පුදුම කරදර වලටනේ මුහුණ දෙන්න වෙන්නේ...? මේ වගේ කරදරකාරයින් නිසා.
නොසැළකිලිමත් කම නිසා ආර්එම්වී එකෙන් වෙච්ච වැරැද්දක් වත්ද?
මට නම් හිතෙන්නේ එක වාහනයක් උගස් තියලා පොත ආපහු ගන්නවා වෙනුවට ඩුප්ලිකේට් එකක් හදන, උගස් ගත් එකා පොත පාවිච්චි කරලා වාහනයක් කෑලි පූට්ටු කරගෙන, ඔය හේතුව නිසාම තමයි අපේ රටේ වාහන ගන්න බය, විශේෂයෙන් ඩුප්ලිකේට් පොත් තියෙන ඒවා.