
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අල් ජසීරා ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාව කළ සම්මුඛ සාකච්ඡාව අතරතුර උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.
මෙරට පැවති අරගලය, ආර්ථික අර්බුදය සහ පාස්කු ප්‍රහාරය ආදී මාතෘකා කිහිපයක් ගැන මෙම සම්මුඛ සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කෙරුණු අතර එහිදී නැගුණු ඇතැම් ප්‍රශ්න හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා දැඩි ස්වරයෙන් පිළිතුරු දෙන ආකාරයක් දැක ගතහැකි විය.
මෙහිදී අල් ජසීරා මාධ්‍යවේදියා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න නගමින් පාස්කු ප්‍රහාර සම්බන්ධ පරීක්‍ෂණ වලදී ඔබ අසමත් යැයි කතෝලික පල්ලිය ප්‍රකාශ කරන බවත් ඒ ගැන කිව හැක්කේ කුමක්දැයි ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ
"විකාර කියවන්න එපා,
මම කමිටුවක් දැම්මා. ඒ කමිටුවේ නිගමනය එයාලා පිළිගන්නේ නෑ.මේ පිටුපස යම් බාහිර පාර්ශවයක් ඉන්නා බව ඔවුන් කියනවා.මම යන්නේ මේ රටේ බහුතර ජනතාව එක්ක. කමිටු නිර්දේශ පිළිගන්නවාද? නැද්ද? කියන එක පාර්ලිමේන්තුවේ වැඩක්.කාදිනල්ගේ වැඩක් නෙමෙයි" යනුවෙන් පැවසීය.
"මම මේ සම්බන්ධයෙන් ගනුදෙනු කළේ කතෝලික රදගුරු සම්මේලනය සමඟයි.මම ඒගොල්ලන්ට ඕන දේවල් දීලා තියෙන්නේ.ඒගොල්ලෝ ඒ ගැන කිසිම දෙයක් කියන්නේ නැහැ. මම එකක් කියන්නම්, ඔය හැරල්ඩ් පීරිස් රදගුරුතුමා මට හැම වෙලේම කතා කරලා තියෙනවා.මම මේක කියන්න ගියොත් කතෝලික පල්ලියත් දේශපාලනය වෙනවා.
මෙතන ප්‍රශ්නයක් තියෙනවා.ඔයා ඔයාගේ සීමාව පන්නලා තියෙනවා" යනුවෙන්ද හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා "අල් ජසීරා" අමතමින් වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකෝ බටලන්ද ගැන කියන්නේ නැත්තේ,
අහන ප්‍රශ්ණවලට කෙලින් පිලිතුරු නොදී වටේ යන්න ගියාම මෙහෙම වෙනවා.
කලින් ප්‍රශ්න ටික දීල නැද්ද ලංකාවෙ කෙරෙනව වගේ? එහෙම කෙරුවනම් ෆේල් වෙන ටික අයින් කරගන්න තිබුණා අපේ සාර්ථක නායකතුමාට.
මොහුට තවත් දෙන්න තිබුනේ Al Jazeera කණ්ඩායමෙන් . රට වැනසුව පාහරයා . මෙය දෙවැනි අවස්ථාව ජාත්‍යන්තරයේ මේකා කීච වුණ
පාස්කු ප්‍රහාරය දවසෙ මුලු රටම කම්පා වෙද්දි රනිල් ඇතුලු හොර නඩය පමනක් හිනා වෙවී වොයිස් කට් දීපු හැටි මුලු රටටම මතකයි...
රනිල් හිතන් ඉන්න ඇති Al Jazeera කියන්නේ මිනිහාගේ කාලේ රූපවාහිනී සංස්ථාව වගේ, රනිල්ට ඕන ප්‍රශ්න අහාවි කියලා වෙන්න ඇති.
මම ඔය සංවාදය ඊයේ බැලුවා, එතන නිවේදකයා උත්සාහ කලේ රනිල් අවුස්සලා බිඳ දමන්න. ප්‍රශ්නයක් අහල රනිල්ට උත්තර දෙන්න දෙන්නේ නැහැ, ගොනා වගේ මැද්දෙන් පැනල බෙරිහන් දෙනවා. මොට්ට යකෙක්.එතන කතා කරපු කාලය බැලුවම නිවේදකයාගේ පල් හෑලි ප්‍රස්න වලට ගත වුනු කාලය රනිල් කතා කල කාලයට සමානයි එකෙන් පේන්නේ මාධ්‍යවේදීයා කිව්වට ඌ උත්සාහ කලේ ඌගේ මතයක් එතන ප්ලාන්ට් කරන්න.
මේකේ එයා නාපුවා දාලා නෑ නේ...ලංකාවේ මාද්‍ය හා විදේශ මාද්‍ය කියන්නේ දෙකක් කියල මෙ ප්‍රවෘත්තියෙන්ම පේනවා .
මේ මිනිහා නීතිඥයෙක් වුණේ කොහොමද කියලා මම දන්නේ නැහැ, ඔහු කිව්වා කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළේ නැත්නම් බටලන්ද වාර්තාවක් නැහැ කියලා. ඊට පස්සේ ඔහු කිව්වා ගෝඩ් ෆ්‍රයිඩේ ප්‍රහාරයට කොමිසමක් පත් කළා කියලා, ඒක වාර්තාවක් වෙන්නේ කොහොමද කියලා, මොකද ඔහුගේ කොමිසමේ වාර්තාව කවදාවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ. ඒ නිසා කවුරුත් මේ මිනිහව විශ්වාස කරන්නේ නැහැ.
දැක්කනේ අපේ රනිල්ගේ වැඩ. බයත් නෑ කෙලින් කතාකරනවා ඕනෑම තැනක. ඒකනේ පළපුරුද්ද ඕනෑ කියන්නේ ඕනෙම දේකට.
අත්දැකීම් නැති, පළපුරුදු නැති, ෆෙරාරි ලයිසන් නැති, මාද්‍ය වේදියෙක්.
රනිල් තමන්ගේ අමන කම ලෝකයටම පෙන්නුවා .
සුපුරුදු පරිදි මම දේශපාලනය කරන්න අවේ උඹල ඉපදෙන්නත් ඉස්සෙලා කියල මිනිහගේ අත්දැකීම් පම්පෝරිය ගහන්න ගිහියහම හම්බ වුණා හොඳ උත්තරයක්
දැඩි ස්වරයක් නෙවෙයි ගලේ පහරපු බලලා වාගේ ඇඹරුණා. බෞද්ධ ටෝක් එකක් දීලා ගොඩ යන්න බැලුවට නාකි හිවලා හරියටම හිර වුණා.
අල් ජසීරා එකෙන් රනිල් ෆේල් නැත්නම් ලංකාවට ඇවිල්ලා කෙඳිරි ගාන්න ඕනෙද
ප්‍රහාරය සංවිධානය කළේ රාජපක්ෂ ජුන්ටාව මෙයා රාජපක්ෂ ජුන්ටාවේ රූකඩයක්, මේවා මෙයාගෙන් අහනවා කියන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්, අනිවාර්යනෙම තව මාස 2-3 යනකොට ඔක්කොම එලියට එනවා.
මමත් ඒක බැලුවා, සීයට චූ පොඩ්ඩකුත් ගියාද කොහේද…?
සෙලෙන්ස්කි ජෝකරයාට වෙච්චි එකේ අනිත් එක වුනේ අපේ ජොලි සීයාට...
මම ඒක බැලුවා. සීයා පොර වෙන්න ගිහිං ‘පොරි’ වුණා...
පෙරත් ජර්මානු මාධ්‍යෙව්දියෙක් එක්කත් පැටළුණා නේද?