කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි 07 October 2024
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය. 07 October 2024
අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාරදී ඇත. 07 October 2024
කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්‍රදේශයේ පුද්ගලික සමාගමක අධ්යක්ෂ වරුන් වන අඹු සැමි යුවලක් කළ ඉල්ලීමක් ඉවත දැමූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඊළංඟසිංහ මහතා අදාළ මුදල් වහාම ගෙවන ලෙස නියෝග කරමින් මාස හයක ලීහිල් වැඩ සහිත සිරදඬුවමක් අද (07)නියම කළේය . 07 October 2024
අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. 07 October 2024
රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක් අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි වාර්තා කරන ලෙස නියෝග ලබාදී ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා කිරීමෙන් පැය කිහිපයකට පසුව වැඩබලන පොලිස්පතිවරයා විසින් එම මාධ්‍ය වාර්තා සාවද්‍ය බවත් ආරක්ෂාවට සිටි සියලු නිලධාරීන් ආරක්ෂක රාජකාරී වල සිටින බවත් ප්‍රකාශ කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් 07 October 2024
’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’ පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධියට පත්කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වගකීමක් යැයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවකදී අද (07) පැවසීය 07 October 2024
නිලන්තත් වන්දිය ගෙවයි පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතාට නියමකර තිබු රුපියල් කෝටි 7 1/2ක වන්දි මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර ඇති බවට ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය අවසන් කළේය. 07 October 2024
කොළඹට තද වැසි ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 October 2024
නෙළුම් කුලුණෙන් ළමයෙක් වැටෙයි නෙළුම් කුළුනෙන් පහළට වැටී ළමයෙක් මියගොස් ඇතැයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගම පවසයි. 07 October 2024
දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ. 07 October 2024
පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9 කට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය හා කේරල ගංජා මෙන්ම මත්ද්‍රව්‍ය විකිණීමෙන් උපයාගත් රුපියල් එක්ලක්ෂ දස දහසක මුදලක් ද සමග මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි. 07 October 2024
’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසීය. 07 October 2024
ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත. 07 October 2024
’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’ රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය . 07 October 2024
පැමිණිල්ලට ගිය සැරයන් ගෙට දමා හිරිහැර කළ තාත්තයි දුවයි සොයයි රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පියෙකු සොයා පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇතැයි ගලේවෙල පොලිසිය කියයි. 07 October 2024
ලෝක බැංකුවෙන් ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 200ක් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකා ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබා දීමට අනුමැතිය ලැබී තිබේ. 07 October 2024
හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළන්ගොඩ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අද (7) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 07 October 2024
පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ් කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්ථානය තුළදී කලහකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥවරියක් ඇතුළු පවුලේ සිව් දෙනා කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (8) දින දක්වා රිමාන්ඞ් භාරයට පත්කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත් සුනිල් වීරසිංහ මහතා නියෝග කළේය 07 October 2024
ගලක් හිසේ වැදී සිසුවා මරුට නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව නූරිය පොලිසිය පවසයි. 07 October 2024
සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම් බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය. 07 October 2024
ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලිස්ථාන වලට අනුයුක්ත කර ඇතැයි වාර්තාවේ. 07 October 2024
විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත පොලිසිය පවසයි . 07 October 2024
අලියාගේ පහර කෑ තරුණයා මරුට පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින් පසු අලියා සිදුකළ පහරදීමෙන් එම වෑන් රථයේ රියැදුරු මියගොස් ඇති බව බකමූණ පොලිසිය කියයි. 07 October 2024
ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්රතාන්යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත. 07 October 2024
පක්ෂ ලකුණු ප්‍රකාශයට පත් කර අති විශේෂ ගැසට්ටුවක් 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 07 October 2024
ඉන්දියාවේ හිත රිද්දන්නේ නැහැ ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු තීන්දු තීරණයක් නොගන්නා බවත්, ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට පියවර ගන්නා බවත් නවදිල්ලියට පැමිණි මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිසු අවධාරණය කර ඇත. 07 October 2024
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පක්ෂය තනිව මහ මැතිවරණයට ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ මහජන විමුක්ති කොටි හෙවත් ’’තමිල් මක්කල් විඩුදල පුලිහල්’’ පක්ෂය මෙවර මහ මැතිවරණයට තනියම තරඟ කිරීමට තීරණය කර තිබේ. 07 October 2024
ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. 07 October 2024
කෝටියක් වංචා කළ ජපන් භාෂා ගුරුවරයා අත්අඩංගුවට ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 07 October 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026