(නිමල් ජයරත්න)
දහය වසරේ ඉගෙනුම ලබන සිසුවියන් අට දෙනෙකුට ලිංගික අතවර කර ඇතයි කියන පැමිණිල්ලකට අනුව සැකපිට 07 වෙනිදා අරලගංවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගත්, ගණිත ගුරුවරයා 08 වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එහි වැඩබලන මහේස්ත්‍රාත් සන්ධ්‍යා කරුණාරත්න මහත්මිය ඔහු මේ මස 14 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.
අධිකරණයට ඉදිරිපත් කළ ගණිත ගුරුවරයා මානසික සෞඛ්‍ය පිළිබඳ වෛද්‍යවරයකුට ඉදිරිපත් කරන ලෙසට පොලිසියෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර, ඒ අනුව ඔහු බන්ධනාගාර නිලධාරීන් හරහා මානසික සෞඛ්‍ය පිළිබඳ අධිකරණ වෛද්‍යවරයකුට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇති බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අරලගංවිල පොලිසියේ පොලිස් සැරයන් 66073 ඩබ්ලිව්.පී.එස්.වීරක්කොඩි මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.
දිඹුලාගල අධ්‍යාපන කලාපයේ අරලගංවිල අධ්‍යාපන කොට්ඨාශයේ මහා විද්‍යාලයක ගණිත ගුරුවරයෙකු, දහය වසරේ ඉගෙනුම ලබන සිසුවියන් 8 දෙනෙකුට වරින්වර ලිංගික අතවර කර ඇතැයි ඔවුන්ගේ මව්පියන් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ ගණිත ගුරුවරයා ඉකුත් 07 වෙනිදා අරලගංවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේය.
ලිංගික අතවරයට පත්ව ඇතැයි කියන සිසුවියන්ගේ මවුපියන්ට අධිකරණ පෝරම ලබාදීමෙන් පසු සිසුවියන් දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඉදිරිපත් කර ඇති බව අරලගංවිල පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රදීප් සෙනෙවිරත්න මහතා අප කළ විමසීමකදී පැවසීය.
2025 දෙසැම්බර් මස 18
450
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිසුවියන් 8 කට අතවර කළ ගණිත ගුරා රිමාන්ඩ්