
(දයාරත්න ඇඹෝගම)
රුපියල් ලක්ෂ 113 ක වියදමින් කහටගස්දිගිලිය ප්‍රාදේශීය රෝහලේ ස්ථාපිත කරන ලද විකිරණ (x-Ray) ඒකකය 2021 වසරේ සිට මේ දක්වා වසා දමා තිබෙන බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ නවතම විගණන වාර්තාවකින් හෙළිදරව් කොට ඇත.
කහටගස්දිගිලිය ප්‍රාදේශීය රෝහලේ පිහිටි පැරණි ගොඩනැගිල්ලක් පසුගිය 2021 වසරේ රුපියල් ලක්ෂ 35 ක වියදමක් දරා නවිකරණය කොට ඒම ගොඩනැගිල්ලේ රැපියල් ලක්ෂ 61 ක මුදලක් ගෙවා විකිරණ යන්ත්‍රයක්ද මිලදි ගෙන සවිකොට තිබුණි.
පසුගිය 2022 වසරේදි වසර දෙකක වගකිම් කාලයකට යටත්ව පුද්ගලික ආයතනයකින් මෙම විකිරණ යන්ත්‍රය මිලදි ගෙන තිබු අතර වගකිම් කාලය අවසන් විමෙන් පසුව වසර පහක කාලයක් මුදල් ගෙවා සේවා කිරිම සදහාද ගිවිසුම් ගතව තිබුණි.
එහෙත් රෝගීට මෙමගින් කිසිදු ප්‍රතිලාභයක් නොලැබුණ ද විකිරණ යන්ත්‍රය සේවා කිරිම සදහා පළාත් සෙෘඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් මේ දක්වා රෙුපියල් ලක්ෂ 17 ක මුදලක් වියදම් කොට ඇති බවට අනාවරණය වු බවත් විගණන වාර්තාවේ සදහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවගේ මුදල්වලට මොකද වුණේ. DMO සහ රෝහල් අධිකාරිය කරමින් සිටියේ කුමක්ද? මෙම නොසැලකිලිමත් ක්‍රියාව සම්බන්ධයෙන් DMO ගෙන් ප්‍රශ්න කරන්න.
මේවා එළා වෙන්ට අවුරුදු 5ක් ගත වුණු එක තමයි පුදුමේ...
GMOA එක මේවා වෙන්නේ නෑ. කෝමා තත්ත්වයේ ඉන්නේ මේවාට. වාහන පර්මිට් දුන්නේ නැත්තන් තමයි ආයේත් පණ එන්නේ...