
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පසුගිය රජය සමයේදී ආනයනය කෙරුණු ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහ ජනක ඖෂධවල තිබී ඇත්තේ වතුර බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ පිළිබඳ වාර්තාව ලැබී ඇතැයිද ඔහු සඳහන් කළේය.
සමහර බෙහෙත් කම්පැනි වල ඒකාධිකාරය බිඳ දමා ඇතැයි ද ඔහු සඳහන් කළේය
පැපුරෝන් එන්නත ඉස්සර තිබුණේ හැත්තෑ දාහට බවත් දැන් අපි ගන්නේ රුපියල් 370ට බවත් ඔහු කීවේය
හිටපු සෞඛ්‍ය ඇමතිවරයා සම්බන්ධ වුණු ඉමියුනොග්ලොබියුලීන් එන්නත එකක් ගත්තේ එක් ලක්ෂ විසි දාහකට බවත් ඒක දැන් අපි ගන්නේ රුපියල් තිස් දාහට බවත් නියෝජ්‍යමාත්‍යවරයා කීය.
ඒ එක ටෙන්ඩරයකින් ඉතිරි කරපු මුදල කෝටි විස්සක් බව ඔහු සඳහන් කළේය.
සෙපියුරොක්සින් ප්‍රති ජීවක ඖෂධයෙන් මුලින් ගත්තේ පන්සිය හැත්තෑවට බව පැවසූ විජේමුණි මහතා දැන් ගන්නේ රුපියල් හැත්තෑවට බවද ප්‍රකාශ කළේය.
ඒ එක ටෙන්ඩර එකෙන් කෝටි අනූවක් ඉතිරි කරගත් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම වෙනකොට කියනවා ආණ්ඩුව අප්සෙට්ලු. හරි නැහැල්ලු. වැඩ බැරිලු... කියලා
මෙවා ඇත්ත නම් හොඳයි. අපට දේශපාලයේ ඉන්න කිසිවෙකුත් විශ්වාස කළ නොහැකියි. මෙයාලගෙ ගේම් හොයන්නෙ ඊලඟට එන අය. ඒක තමයි ලෝකෙ සිද්ධ වෙන්නෙ. රටට අවංකවම හොඳක් කරනවානම් ඉතා විනිවිදව ඒවා සිදු වෙනවානම් ඒ රටේ පැතුමයි.
කෝ…කෝ… මේ රම්බොඩ අයියා…, යෝග බඩිල්ලා ඇතුළු කසල ශෝධක නඩේ…
හා. ..හා ..... නියෝජ්‍ය ඇමතිතුමා අනවශ්‍ය කතා කියන්න එපා අපේ බයි පීපල්ස්ලාගේ ප්‍රෙෂර් එක නගිවි හාට් ඇටක් එක වැඩි වෙයි ඕවා අහලා..
මේවා අහනකොට අපේ ඡන්දය ගැන අපිට හරිම ආඩම්බරයි.........
කෙහෙලිය රඹුක්වැල්ල ඔයාට මාර විදිහට ජනතාව අමතනවා මේ නිවුස් එක නිසා. ඔයාට ඇත්තටම හිතක් පපුවක් තිබුනේම නැද්ද?
මාලිමා ආණ්ඩුව කයිය ගහලා, ඇද-කුද හොයලා විතරමයි, මුකුත් කරලම නෑනේ? කෝ, බං මේ වසර 76කට ආවඩන බත්කන මී ගව රංචුව. වන්දනාවේවත් ගිහිල්ලාද අද මෙතන වැලලෙන්න නැත්තේ? ළඟ පාතක හිටියා නම් බත්කටක් කවන්න තිබුණා...
ඉතින් අපේ කෙහෙලියට මක්කැයි කරන්න හිතාගෙන ඉන්නේ..?
මේ කරපු අපරාධයට එනම් වටිනා බෙහෙත් කියලා වතුර දීලා සල්ලි හම්බ කරපු අමනුෂ්‍යයින්ට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා හිරේ දාන්න...!
වතුර අඩුවෙන් බොන අයට දෙන බෙහෙතක් ද කොහේද මාරුවෙලා...?