
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඇඹිලිපිටිය හල්මිල්ල විදුහලේ ගුරුවරියකට එම පාසලේම ගුරුවරයකු විසින් පහර දී ඇතැයි මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රිනී චතුරි ගංගානි මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
පාසලේ විදුහල්පති ඉදිරියේදීම මේ පහරදීම සිදුවී ඇති බව කී මන්ත්‍රීවරිය ඇය මේ වන විට ලොග් සටහනක් දමා රෝහල්ගත වී සිටින බවද සඳහන් කළාය.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පැවසූයේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් නීති හා විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.විමර්ශන වල ප්‍රගතිය ලදොත් අද දිනය ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවරුන්ගේ විනයක් නැති නැතිව ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගැන කුමන කතාද?
මට හිතෙන්නේ මන්ත්‍රීවරියට පාසලේ නම වැරැදිලා කියලයි... හල්මිල්ල වචනයට පසුව වචනයක් අඩුයි. ඒක කොහොම වුණත් පහරදීම කළ කෙනා NPP ද බලන්න? ඒ අතරේ පහරකාපු ගුරුවරියට ලොග් සටහනක් යොදන්න බලයක් කොයින්ද? එහෙම ගියොත් කොල්ලෝ, කුරුට්ටෝ පවා ලොග්පොත අවභාවිතා කරාවි. පහරදීම හරිම පිළිකුලෙන් හෙලා දකිමු.!
ලංකාව මානසික රෝගීන් තමයි වැඩි හරියක් වැඩ දාන්නේ