(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සේවා ස්ථානවල ප්‍රචණ්ඩත්වය සහ විවිධ තාඩන පීඩන හේතුවෙන් මෙරට එක් පුද්ගලයෙකුට වසරකදී වැඩ කරන දින හයක් අහිමි වන බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක සඳහන් වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදි අද(8) පැවසීය.
මෙලෙස වැඩ කරන දින අහිමිවීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.7ක පාඩුවක් සිදුවන බවද
ඔහු සඳහන් කළේය.
මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ මෙරට සමාගම් නවයක් යොදාගෙන කරන ලද සමීක්ෂණයකදී බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
මේ අතර රැකියා ස්ථානවල පිරිමින්ගෙන් සියයට 75 ක් කාන්තාවන්ට අසාධාරණ සිදුවන ආකාරයට කටයුතු කරන බව ( අවිඥානික පක්ෂග්‍රාහීත්වය) එම වාර්තාවල දැක්වෙන්නේ යැයි පැවසූ විපක්ෂ නායකවරයා එම පිරිමින් කාන්තාවන් බඳවා ගැනීම මෙන්ම ඉදිරියට ඒම වැළැක්වීමට විවිධාකාරයට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.
තවද රටේ ගතානුගතික සේවා යෝජකයන් කාන්තාවන් සේවා ස්ථානවලට බඳවා ගැනීමට මැලිකමක් දක්වන බවද එම වාර්තාවේ සඳහන් වන්නේ යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභාව අවස්ථාවේ විවාදයේදීය.
මෙරට වැඩිම පීඩනයට ලක්වන්නේ කාන්තාවන් තරුණියන් සහ දරුවන් බව පැවසූ විපක්ෂනායකවරයා කාන්තාවන් සහ දරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකා දෙකක් පිහිටුවන ලෙසට ඉල්ලීමක් කළේය.
2025 දෙසැම්බර් මස 18
450
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රැකියා ස්ථානවල කාන්තා හිරිහැර
ජිල්බු Saturday, 08 March 2025 06:43 PM
නිකමට අහන්නෙ වි.නා.තුමෝ, ගෙදරින් නම් කාන්තාවන්ගෙන් නේද ඕවා තියෙන්නේ?
පිටරටවැසියා Saturday, 08 March 2025 06:47 PM
එතකොට දමිතට කරපු දේට මොකක්ද කියන්න තියෙන්නේ?