
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පසුගිය වසරේ කාන්තා දිනය දා පොල්දූව මංසන්ධියේ පැවති උද්ඝෝෂණයකදී වතුර ප්‍රහාර කාගෙන පාර්ලිමේන්තුවට පැමිණි ආකාරය ගැන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද සිහිපත් කළාය.
"ගිය අවුරුද්දේ මාර්තු අට මට සිහි වෙනවා.මෙතන ඉන්න කාන්තා මන්ත්‍රීවරියන් ඇතුළු අපේ කාන්තා මන්ත්‍රීවරියන්ට එදා උද්ඝෝෂණයකදී පොල්දුවේදී වතුර ප්‍රහාරයකට ලක් වෙන්න වුණා.
මම එදා පාර්ලිමේන්තුවට ආවෙත් වතුර ප්‍රහාරය කාගෙන.මල් පෝච්චි පෑගුනා කියලා අපට විරුද්ධව නඩු පැවරුවා. තාම ඒ නඩුව අහනවා. අගමැති ලෙස සිටියදීත් මගෙන් ඊට මගෙන් කට උත්තර ගත්තා.ඒ අරගල හරහා තමයි අපත් මෙතෙන්ට ආවේ.
76 වසරක සාපය ගැන කියද්දී අප කතා කරන්නේ දේශපාලන සාපයක් ගැන.නැතිනම් ලෝකය වෙනස් වීමත් සමඟ රටේ ඇතිවුණු සංවර්ධනය අප නොතකන්නේ නැහැ" යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.
2025 දෙසැම්බර් මස 18
450
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මල් පෝච්චි පෑගුවා කියා මටත් නඩු දාලා
ගුණරත්න Saturday, 08 March 2025 03:02 PM
මාලිමාවුන් ඉතිහාසේ කරපු දේවල් එක්ක බැලුවාම මල්පෝච්චි පාගන එක මොකක්ද නේද අගමැතිතුමී...?
aruna Saturday, 08 March 2025 03:50 PM
ඉතින් පෑගුවා නම් දාපු එක වැරැදියිද..?
අමල් Saturday, 08 March 2025 04:10 PM
මල් පෝච්චි පෑගුවා කියලා නෙමෙයි, පිපෙන්න තියෙන මල් කැකුළු පරකලා කියලා තමයි නඩුව තියෙන්නේ...!
Jothi Saturday, 08 March 2025 11:27 PM
අම්මෝ ඉතින්. නාලා එන්නේ. ලොක්කා තඹුත්තේගමනේ...