
(තරංග ගුණරත්න)
ගොයම් කපන (භූතයා ) යන්ත්‍රයක් ට්‍රැක්ටර් ටේරලයෙන් බෑමට උත්සාහ ගැනීමේදී එය පෙරලීමෙන් එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම පොලිසිය පවසයි .
වැලිපිටිය බෙරලෑලිය රාජකාරී වේල්ල නැමැති ප්‍රදේශයේ කුඹුරු යායක ගොයම් කැපීම සඳහා රැගෙන එන ලද ගොයම් කපන ( භූතයා ) යන්ත්‍රය ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් ටේරලයෙන් බිමට බෑමට උත්සාහ කිරීමේදි එහි රියදුරු අනතුරට ලක්ව තිබේ.
අනතුරට පත් වූ තරුණයා අසල්වාසීන් වැලිගම වලාන රජයේ රෝහල වෙත රැගෙන ගියද රෝහල් ගත කරන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිගම වැලිපිටිය මුනමල්පෙ ප්‍රදේශයේ පදිංචි කසුන් චාමර නමැති අවිවාහක තරුණයකු බව සදහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රැක්ටරයේ ටේලරයේ පැත්තෙන් බාන්න හදපුබව පේනවා මෙම ට්‍රැක්ටරයේ නැතත් වෙනත් ඒවායේ ට්‍රැට්ටරයට සවිකල යකඩින් සැකසූ අවශ්‍ය වේලාවට ගතහැකි පාලම් වැනි කොටස් තියෙනවා එමගින් පහසුවට භූතයා ඕන තැනකට ගන්න පුලුවන් කොහෙද අලියෙක් ගත්තට හෙණ්ඩුවක් ගන්න බැරිවෙලානේ
මෙවැනි යන්ත්‍ර සූත්‍ර ප්‍රවාහනය කිරීමට සහ ගොඩබෑමට නිසි ආරක්ෂිත ක්‍රමවේද තිබියදීත් ලාභ ක්‍රමවලට ගිය නිසා අපරාදෙ ජීවිතයක් නැති වුණා....