
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පිරිමින්ගේ ලෝකය ඇතුළේ කාන්තාව කියන කෙනා බොහොම පුංචි කෙනෙක් යැයි මාතලේ දිස්ත්‍රික් මන්ත්රීනී රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවැසුවාය.
"අද කාන්තා දිනය. තමන්ගේ අයිතීන් සුරැකෙන සමානාත්මතාව ලැබෙන ජීවිතයක් ලැබේවායි සියලු කාන්තාවන්ට මා සුබ පතනවා. අප වසර ගණනාවක සිට කාන්තා සුබ සිද්ධිය වෙනුවෙන් කතා කරනවා.අප අතීතයට දෙස් දෙවොල් කියනවා. හැබැයි අනාගතය සැලසුම් කර තිබෙනවාද කියා ප්‍රශ්නයක් තිබෙනවා.කාන්තා ගැටලු වලට ඇත්ත උත්තරය තිබෙන්නේ ගැහැණු අතේ නොවේ. පිරිමින්ගේ පාප කඳට දෝෂ විඳින ළඳුනේ යනුවෙන් ප්‍රසිද්ධ ගීතයක්ද තිබෙනවා.කාන්තාව හිංසනයට ලක් වන්නේ ඇය හිංසනයට ලක් කරන අනෙක් පුද්ගලයාගේ වරද නිසයි යනුවෙන්ද මන්ත්‍රීවරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ තම තමන්ගේ හිතුළු. මේ සිංහල බෞද්ධ සාමාජයේ නම් කාන්තාවට ගෞවණීය තැනක් තියෙනවා. ඒක සම කැන නෙවෙයි. ඊටත් ඉහළ තැනක්. අසීමිත නිදහසක් තියෙනවා.හැම වෙලාවකම කාන්තාව තෙවැනි ඇසක් අතිවයි ඉන්න ඕන. එහෙම නොවුණු තැන්වල තමයි ඇය අනතුරේ වැටෙන්නේ.
ජලනිලා, දුලාංජලීලා සහ හේමලා වගේ අය ඉස්සරහා ඔයාලා කොහොමටවත් පුංචියි තමයි...
අවුරුදු පහකට ආසන්න කාලයක් ඔහේලා රට පාලනය කෙරුවා කාන්තාවන් වෙනුවෙන් කෙරුව එක දෙයක් කියන්න පුළුවන්ද? දැන් ඇවිල්ලා විකාර කියවනවා..!
මෙච්චර කලක් රට පාලනය කලේ ඕගොල්ලන්ට අයිති පක්ෂනේ. ඉතින් ඔය ඔක්කොම ප්‍රශ්න මේ දැන් පත්වෙලා ඉන්න ආණ්ඩුවට එක පාරටම විසදන්න කියල කියන්න පුලුවන්ද? දැන් බලන්න ඔයාගේ පක්ෂේවත් තියෙනවද හරි හැටි නියෝජනයක්; නැහැනේ?
හැබැයි අද විශ්ව විද්‍යාලයකට ගියොත් 2/3 ඉන්නේ කාන්තාවන්.
පුංචි වුණත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ...!
ඒ වුණාට මගේ ලෝකයේ මගේ බිරිඳට ඇත්තේ සුවිශේෂී ස්ථානයක්. මගේ ලෝකයේ ඇයට හිමිව ඇත්තේ ඉහළම තැන. ලෝක කාන්තා දිනයට සුබපැතුම්..!