
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සියලුම දුම්රිය පොළවල් ශ්‍රේණිගත කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ සඳහා පෞද්ගලික අංශයේ සහාය ලබාගන්නා බවද ඔහු කීවේය.

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සියලුම දුම්රිය පොළවල් ශ්‍රේණිගත කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ සඳහා පෞද්ගලික අංශයේ සහාය ලබාගන්නා බවද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හරිම හොඳ අදහසක්. දිවයිනේ බොහෝ දුම්රිය ස්ථාන නිසි ලෙස නඩත්තු කර නැත. නැතහොත් කිසිසේත්ම නඩත්තු නොකෙරේ. ඒවායේ තත්ත්වය නරකමයි. මම හිතන්නේ මේ රජය වඩා හොඳ ශ්‍රී ලංකාවක් කරා පියවර ගනිමින් ඉන්නවා...
ප්‍රමිති සහතිකයක් දෙන්න? මට ලඟම දුම්රියපොළේ ප්‍රමිති සහතිකේ නැත්නම් මොකද කරන්නේ? වෙන තැනකින් බහින්න ද? මේ මලිමාවුන්ගේ මොලේ කොතනද තියෙන්නේ? ඔය විකාර වලට සල්ලි පුච්චන්නේ නැතිව මාර්ග අලුත්වැඩියා කරලා තියෙන දුම්රිය ටික වෙලාවට දුවන්න සලස්වන්න ඕන.
අනිවාර්යයෙන්ම, බිමල් සහෝදරයා, කුණු කසල වලින් පිරුණු අපායක් වගේ දුම්රිය ස්ථාන රට පුරාම තියෙනවා. ඒවා පෞද්ගලික අංශයත් සමඟ එකතු වෙලා ප්‍රසන්න ස්ථාන බවට පත් කරමු.
සමහර දුම්රිය පොලවල්වල වැසිකිළි වල යතුර ගන්න ස්ථානාධිපති හම්බවෙන්න වෙලා, හරියට මගිය හතුරෙක් වගේ දකින්නෙ. ඇමති කලින් කීව වගේ ටිකට් කවුන්ටරේ ඉන්න කෙනා මොකාද කියල පේන්නෙ නැහැ, ටිකට් එක ඔහෙ දමනවා අත දමල ගන්න වෙන්නේ. ඒ තරමට දුෂ්ට යාන්ත්‍රණයක් ඔතන තියෙන්නෙ. කාඩ් පේමන්ටි නම් හීනයක් , ඔතනට ගැහැනු තරුණ අය අරගෙන මිනිස්සුනට සතුරු නැති මිත්‍රශීලී තැනක් කරන්න මේ පාලනයට හැකි වේවා !
මේ වගේ මාර ඇමති කෙනෙක් මෙච්චර කල් මිස් වීම රටේ අවසනාවය ය. මෙයට කලින් මෙතුමාට ප්‍රවාහන ඇමති ධුරය ලැබී තිබුනේ නම් මහින්දට කලින් මුහුදු බඩ දුමරිය මග බෙලිඅත්තට ගෙන යන්නේ ය. එතනින් නොනැවතී කතරගමට ද ගොස් මඩකලපුව, ත්‍රිකුණාමලය හරහා යාපනයට ද ගොස් ඉන්පසු මන්නාරම, විල්පත්තු කලේ මැදින් පුත්තලමට යා කොට සමස්ත රටම දුම්රිය මාර්ගයෙන් ආවරණය කරන්නේ ය.
දකුණු කළුතර දුම්රිය ස්ථානය කියන්නේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රධානම දුම්රිය ස්ථානයක්. නමුත් එහි දෙවන වේදිකාව තාම අලුත් දුම්රියවල උසට හරියන්න උස්සලා නෑ නේද. පළවෙනි වේදිකාව නම් දැන් හොඳයි. නමුත් දෙවෙනි වේදිකාව අවුරුදු 50කින් වත් පිළිසකර කර නෑ වගේ. ශ්‍රේණිගත කිරීමේදී මෙය ප්‍රධාන අඩුපාඩුවක් වෙයි.