
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අසත්‍ය පුවත් පළ කරන වෙබ් අඩවි යම් නියාමනයකට ලක් කරන්න බලාපොරොත්තු වෙන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනමාධ්‍ය ප්‍රශස්ත මට්ටමට රැගෙන ඒමට ආණ්ඩුවට වගකීමක් තිබෙනවා.ජනමාධ්‍යවේදීන් වෘත්තිය කරගෙන යා යුතු සීමා ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා.මාධ්‍යවේදින් එහි දිග පළල සීමාවන් දැනගත යුතුයි.දණ්ඩ නීති සංග්‍රහයෙන් අසභ්‍ය ප්‍රකාශන කරන්න බැරි බව කියා තිබුණත් එහෙම වන්නේ නැහැ.ඇතැම් අවස්ථාවල වෛරය උසිගන්වන පුවත් මාධ්‍යවල ප්‍රචාරය කරනවා.මේවා යම් නියාමනයකට ලක්විය යුතු බවට ආණ්ඩුවේ අවධානය යොමු වී තියෙනවා යැයි මන්ත්‍රීවරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු කියන්න ලයිසන් දුන්න මන්තිරි නෝනෙක් උන්නා, කොහෙ ගියාද මන්දා එයා? නේද නිලන්ති?
එතකොට උගණ්ඩාවෙ හංගපු සල්ලි කවද්ද ගේන්නෙ ?ඒවා පරම සත්‍යද ?
මොලේ පෑදී ගෙන එනව වගේ; ඇය පසු ගිය දිනක කිව්වා ඕනෑම බොරුවක් වුවත් එය ඇත්තක් කියා කීමටටත් ඕනැ ම ඇත්තක් වුවත් එය බොරුවක් කියා කීමටත් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇතයැයි ඇය කීවා. එය වැරදි බව තේරුම් ගියා ද නැත්නම් තමන්ගේ දේශපාලනයට අවාසි බැවින් ඒ පිළිබඳව ක්‍රියා කිරීමට උත්සාහ වෙනවාද යන්න තේරුම් ගැනීමට කාලයට බාර දිය යුතු ය.
හපොයි දෙයියනේ, මේ මොන දයිවයේ සරදමක්ද? මේ නෝනාටම මෙහෙම යෝජනාවක් මැති සබේට ගෙනෙන්නට වීම! කොහොම වුණත්, බොරු කියන මැති ඇමැතිවරුන්ට එරෙහිව කටයුතු කළහැකි නියාමනයන් නම් ගෙනෙන්න එපා. ඔබතුමිගේ නායක සහෝදරයා පටන් සමස්ත මාලිමා ආණ්ඩුවම ගස් යන වැඩක් එහෙම වුනොත්...! පච මෝල් 159ක්නේ රට කරන්නේ දැන්...!
අන්තිම පහත් තත්ත්වයේ කටක්. මාලිමාවේ වෙන වැදගත් මන්ත්‍රීලා නැද්ද ඔය යෝජනාව කරන්න.
බොරු කීමට අයිතිය තියනවද?
දැන් ඕනෑම බොරුවක්, ඇත්තක් විදියට කියන්න තියන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසියිද?
තේරුම්ගන්න... මේ නොකියා කියන්නේ ඉදිරියට ගෙනයන පාලන ක්‍රමයේ හැඩතල... ඒ අය මොනවා කළත් අනෙක් අයට සෙල්ලම් බැහැ කියන පණිවඩයයි මේ... ප්‍රජාතන්ත්‍රවාදයේ අනිත් පැත්ත...
එහෙම නම් ඔයාලා ඡන්දයට කළින් කියපු බොරුවලට කොහොම දඬුවම් දෙන්න ඕනෙද? එක පෑන් පාරෙන් හාල්, ඉන්ධන, වැට් අඩු කරනවා කිව්වා. සැලරි ගන්නේ නැහැ කිව්වා. පාර්ලිමේන්තුවට කෑම ඔතාගෙන එනවා කිව්වා. නිවාස ඕනෙ නැහැ කිව්වා. අනේ කියපු පට්ට පල් බොරු...
බොරු කියන්න අයිතියක් තියෙනවා කියලා කියපු කෙනාම නේද මේ. ඔයාලත් කියපු බොරු තාම රටේ රැව්දෙනවා. ඔයාලා කියපු බොරු තමයි ඔය ජනමාධ්‍ය ප්‍රචාරය කලේත්. දැන් ඉතින් කෑවෝ කෑවෝ කියලා කෑගහන්න එපා. කරපුවා ප්‍රතිඵල තමයි පස්සෙන් එන්නේ...
ඒක ඇත්ත, බොරුව කියන්නේ මහා නරක දෙයක්...
බොරු කියන වෙබ් සයිට් විතරක් තහනම් කරන එක හොඳයි. නැත්නම් මට විතරක් නෙමේ කට වහගෙන ඉන්න වෙන්නේ...!
බොරු හිලක්නේ මේ...!
මේක නම් හොඳද හරිම අමාරුයි. කෝ මේ doobila??? සෙනවිරත්න, රට වලට, pairoos,, රවින්ද අරවගොඩ, බද්‍රානි.... ඔයාලා කොහෙද??? ඉක්මනට එන්නකෝ .ලොකු ජරා ගොඩක් තියෙනවා.
කටවල් දෙකක් නෙවේ, ගොඩක් තියෙන පාටයි. මාළිමාවටම ගැලපෙනවා
බොරු නිව්ස් වපුරන YouTube කාරයෝ ටික අල්ලන්න...