
(රෝෂන් තුෂාර)
දරුණු අපරාධකරුවන් ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන්ට එරෙහි නඩු (skype) ස්කයිප් තාක්ෂණය ඔස්සේ විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය තීරණය කර ඇත.
මේ අනුව ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් නම දෙනකුට එරෙහි පැමිණිල්ලද ස්කයිප් තාක්ෂණය ඔස්සේ විභාගයට ගන්නා බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ ප්‍රධාන රෙජිස්ටාර්වරිය සඳහන් කළාය.
බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව සලකා බලා මෙසේ නඩු අන්තර්ජාලය හරහා විභාග කිරීමට තීරණය කළ බවද,ඉදිරියේදී සියලු නඩු විභාග කිරීම් ස්කයිප් තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට කටයුතු සම්පාදනය කරන බවද රෙජිස්ථාර්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරකරුවන්ගෙ ආරක්ෂාවට ගත්තු හොද වැඩපිලිවෙලක්.
වැඩිකල් කරන්න වෙන්නෑ. ස්කයිප් මැයි වෙනකොට නවතිනවලු. ඊට පස්සෙ යෝගට් කප් දෙකකුයි, නූලකුයි හොයාගන්න වෙයි.
ස්කයිප් ලබන මාසේ අන්තිමට නවතින්න යනවා.
මෙම වසරේ මැයි මසදී 'ස්කයිප්' සේවය නිමා කරන බව එහි හිමිකරු වන මයික්‍රසොෆ්ට් සමාගම දින 6කට පෙර ප්‍රකාශ කර තිබුණි.