
(සනත් ගමගේ)
හම්බන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට උප්පැන්න සහතිකයක් ගැනිමට පැමිණි පුද්ගලයකු එය ලබා ගැනීමට ප්‍රමාදවිම හේතුවෙන් එම කාර්යාලයේ නිළධාරීන්ට බැණ වැදී කාර්යාලයේ දේපල කිහිපකට අලාභ හානී සිදුකර ඇතැයි පොලිසිය කියයි.
හම්බන්තොට ගොන්නොරුව 5 කණුව ප්‍රදේශයෙ පදිංචි 50 හැවිරිදි මෙම පුද්ගලයා ඉකුත් 4 දා හම්බන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට පැමිණ සිය පියාගේ උප්පැන්න සහතිකයේ පිටපතක් ඉල්ලා සිට ඇත.
එයට අදාළ ලේකන පුරවා භාරදිමෙන් පසුව එය ලබාදීමට ප්‍රමාද වුණැයි මෙම පුද්ගලයා කාර්යාලයේ කිහිප දෙනකුගෙන් විමසීම් කර ඇති අතර නිසි ප්‍රතිචාර නොදැක්වීම හා ප්‍රමාදය තවදුරටත් සිදුවන හෙයින් කාර්යාලය තුළට ගොස් පුටුවක් ගෙන මේසයට හා වීදුරු ජනෙල්වලට පහරදී ඇත. කාර්යාලයේ උපකරණවලට අලාභ හානි සිදුව තිබේ.
සිද්ධිය සම්බන්දයෙන් හම්බන්තොට පොලිසියට කළ දැනුම් දිමක් මත අදාළ පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම නොවනවා නම් තමයි පුදුමේ. මට දැන් අවුරුදු 13 වැටුප් නැහැ. ගරු අභියාචනාධිකරණ තීන්දුවකුත් දිලියි තියෙන්නේ. වසර 3 කට කලින් නඩුවේ වග අත්තර කරුවො තමයි දකුණු පළාතේ ආණ්ඩුකාරයා, අධ්‍යාපන ලේකම්, රාජ්‍ය සේවා කොමිෂමේ ලේකම්, ප්‍රධාන ලේකම්. මේ අය දැන් අවුරුදු 3 ක් තිස්සේ එකිනෙකා අතර නීති විරෝධීව ලිපි හුවමාරු කර ගන්නවා. නමුත් නඩු තීන්දුව ගානකටවත් ගණන් ගන්නේ නැහැ. ලිපියක් යැව්වාට උත්තරයක් වත් නැහැ. මම ඉතා වගකීමෙන් කියන්නේ. මේවා විසඳලා දෙන්න වර්තමාන දේශපාලන අධිකාරියටවත් තේරුමක් නැහැ. ඒක නිසා මටත් වෙලාවකට හිතිලයි තියෙන්නේ. මෙහෙම දෙයක්වත් කරන්න. එතකොට වත් ඇස් ඇරේවි කියලා. අහිංසක මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැහැ. මම නම් නීත්‍යානුකූලව කල දේවල් ටිකක් කරලයි තියෙන්නේ... නඩු තීන්දුව ගැන විමසලා නීතිපති එකකට ලිපියක් යොමු කලේ මගේ කීමට අවුරුදු 3 ක් ගතවෙලා. එහෙමයි වැඩ. අපිට යුක්තිය ඉටු වෙන්නේ අපි මැරැණට පස්සෙ. අලුත් ජනාධිපතිතුමාත් අගමැතිතුමියත් ලිපි එවල තියෙනව. ආණ් ඩුකාරයා ඒව හංගගෙන ඉන්නව. වගකීමෙන් කියන්නේ.
මෙහෙම දේවල් වෙන්නේ නිලධාරින්ගේ වැරැදි නිසා. ඒ නිසා අපක්ෂපාතී පරීක්ෂනයක් කරන්න. එතකොට තේරෙවි නිලධාරීන්ගේ හැටි. අද පවා ගව් නැත්නම් වැඩක් කරන ගන්න බැහැ...
මෙතැනදී කියැවෙනවා අදාල ලේඛන පුරවා දුන්නා කියලා. දැන් අතීතයේ වගේ ෆෝරම් පුරවාගෙන යන්නේ නැහැනේ... විස්තර දුන්නාම විනාඩි 10කින්, 15කින් සහතිකය ලැබෙනවානේ.1992 ට පෙර නම් උප්පැන්න සහතිකයක් හෝ විවාහ හෝ මරණ සහතිකයක් ගන්න ෆෝරම් පුරවලා දීලා හවස තුනහමාර වෙනතුරු රැඳෙන්න වුණා... කොහොම වුණත් මේ පුද්ගලයාටම වරද පැටවීම නම් සුදුසුම නැහැ... දිස්ත්‍රික් ලේකම්වරයා මූලික විමර්ශනයක් කර සාධාරණයක් කිරීම වඩා සුදුසුයි. අවසාන වශයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල නිලධාරින් කටයුතු කරන ආකාරයට නම් ඔහොම දේවල් නැවතත් ඇතිවෙන්න පුළුවන්...
මාලිමා නොවේ මොන ආණ්ඩුව ආවත් පගාව දුන්නේ නැතිනම් ඇඳුනුම් කමක් නැතිනම්, මොකවත් කරන්නේ නැහැ... එක එක වැල්වටාරම් කියමින් මිනිස්සු රස්තියාදු කරනවා... කොළඹ නම් ටිකක් හොඳයි. නමුත් හම්බන්තොට වැනි දුෂ්කර පළාත්වල නම් කියලා වැඩක් නැහැ.. මිනිස්සු පව්... ,
ජනාධිපතිතුමණි, ආණ්ඩුකාරවරු පත්කරන කොට නීතිය ගැන දන්නා අය පත්කරන්න. දකුණු පළාතේ පරිපාලන නිලධාරින්ට නඩු තීන්දුවක් කියවලා තේරුම් ගන්න බැහැ. මම වගකීමෙන් කියන්නේ. නඩුවෙන් පස්සේ මම නැවත සේවයේ පිහිටුවලා විශ්‍රාම යනකන් පඩිත් ගෙව්වා. එයලාගේ අවශ්‍යතාවයට මම ගෙදර නවත්තපු කාලයට මට හිඟ වැටුප් දෙන එක එයාලාගේ වගකීමක්. දැන් අවුරුදු 3 ක් තිස්සේ වගඋත්තර කරුවෝ ලිපි ලියලියා ඉන්නවා. ප්‍රධාන ලේකම් නීතිපති උපදෙස් පතලා ලියුමක් යවලා අදට දවස් 52 යි. නීතිපතිතුමාගේ වරද නොවෙයි. ඒවා කරන්න තිබුණේ... මෙයට වසර 3කට පෙර. ඔය මිනිස්සු කාර්යාලවලට ඇවිල්ලා බඩු පොඩිකරානේ දරා ගන්න බැරි නිසා... ඔය නිලධාරීන් කියන පිරිස සේවාදායකයින්ට දෙන වදය එසේ මෙසේ නැහැ. කවුරුවත් ඕනෑ නැහැ. මම දැන් නැවත සේවය කළ මාස 5 ක වැටුප යැර මේ වනවිට මාස 159 ක් කිසිම වැටුපක් නැතිවයි ජීවත් වෙන්නේ... මේක දැක්කොත් ජනාධිපතිතුමා හරි මෙවැනි දේවල් ගැන අවශ්‍ය කටයුතු කරන්න. මේ රට විනාශ කලේ එහෙම අය තමයි. නඩුත් දකුණේ දේශපාලන අධිකාරියත් මේවාට වග කියන්න ඕනෑ. මම ඉල්ලීමක් කළා දේශපාලන අධිකාරියෙන් විනාඩි 5 කට මට ආණ්ඩුකාරයා මුණ ගස්සවන්න කියලා. එතකොට මට පැහැදිලි කරලා දෙන්න පුළුවන් මට කරන අසාරණය...
රජයේ නිලධාරීන් විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න අය මිනිස්සු රස්තියාදු කරවනවා! මේ ගැන මේ ආණ්ඩුව තවම කිසිම මැදිහත්වීමක් කලේ නෑ! වෘත්තීය සමිති මාෆියාවට ආණ්ඩුව යටවෙලා වගේ අපට තේරෙන්නේ...! පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ගියාට විතරක් මදි! මිනිස්සුන්ට වෙනුවෙන් පෙනීසිටිම අත්‍යාවශ්‍යයි!!
මේ වගේ වැඩ කරන නිලධාරීන්ගේ වැඩ හොඳ කමට තමයි මේවා වෙන්නේ...!
කියලා වැඩක් නැහැ. බහුතරයක් ගන්නේ පව්කාර පඩි.
අපේ රටේ රාජ්‍ය සේවාව ගැන නම් ඉතාම පිළිකුල්, අතිශයින්ම අප්‍රසන්නයි, විශේෂයෙන්ම ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක වන රාජ්‍ය සේවා - ආණ්ඩුවෙන් රාජ්‍ය පාලනය ගිලිහෙමින් තිබෙන බව ඉතාම පැහැදිලියි! මේ ගැන ආණ්ඩුවට එතරම් හැඟීමක් වුවමනාවක් තිබෙන බවක් පේන්නත් නැහැ! රට වැසියන් වූ අප මේ ගැන කාට නම් කියන්නද?
ඔය රජයේ කාර්‍යාලවල ඉන්නේ පුටු රත්කරලා අයිස් ගහලා ගෙදර දුවන්න බලන් ඉන්න පිස්සෝ.
මේ ර ට විනාශ කලේ සී ඒ එස් කාරයෝ. මේක වෙනස් කරන්න මොකක් හරි වැඩ පිළිවෙලක් කරන්න ඕනා. අඩෙුම ගානේ තමන්ට වෙන අසාධාරණයක් කෙලින්ම ජනාධිපතිතුමාට ලියන්න විදියක් හදලා දෙන්න. සී එ එස් කාරයො කරන වැරදි ඒ අයටම ලියනවා කියන්නේ හොරාගේ අම්මගෙන් නොවෙයි හොරාගෙන්ම පේන් අහනම වගේ වැඩක් . මේ සම්බන්ධයෙන් කෙලින්ම ජනාධිපති අත ගහතන්නෙ නැත්නම් මොන කොමිෂන් සභා අණ පනත් තිබුණත් නැඩක් නැහැ. මේක ආණ්ඩුවට කරන බොහොම හිතවත් පණිවුඩයක් . මේ ක්‍රමය වෙනස් නොකලොත් ලබන පාර ආණ්ඩුව පරද්දින්න ලොකුම හේතුව වන්නේ මේ සි එහ් එස් කාරයින්ගේ වැඩ බව හොඳට මතක තියාගන්න.
තමන්ගේ සහතිකය ගන්න ප්‍රමාද වුනා කියලා දේපළ පොඩි කරන එක විසඳුමක්ද? ඉස්සර වගේ නෙවෙයි, කච්චේරි ගණනාවකින්ම උප්පැන්නේ පිටපත් විනාඩි ගණනකින් අරගෙන තියෙනවා. ඉස්සර බැංකුවෙන් සල්ලි ගන්න වරු ගාණක් යනවා. දැන් ක්ෂණිකව ගන්න පුළුවන්. තමන්ගේ පුද්ගලික ප්‍රශ්නවලට අනික් මිනිස්සු පළි නෑ.
මෙහෙම නොවුණොත් තමයි පුදුමේ, මේ රජයේ ආයතනවල බහුතරයක් හිතාගෙන ඉන්නේ මේවා උන්ගේ අම්මාගේ අප්පාගේ බුදලේ කියලා. සල්ලිකාර නෝනලා මහත්තුරුන්ට විතරයි වැඩ කරලා දෙන්නේ. දුප්පත් මිනිහෙක් ගියොත් වටේ යවනවා. කතකර්න්න දන්නේ නෑ. අයි මුන්ගේ මෙච්චර මහන්තත්වේ. හැම පුරවැසියන් බදු ගේවනවනම් සේවාව හැමෝටම එක වගේ වෙන්න ඕන. ආණ්ඩු වලට බැනලා වැඩක් නෑ , රජයේ ආයතන වලට සාමාන්‍ය මිනිස්සු ගියාම ගොඩක් අසරණයි. මුන්ට සර්, මැඩම් කිව්වේ නැත්තම් ඒත් වැඩේ වෙන්නේ නෑ....
රජයේ සේවය ඇත්තටම කම්මැලි සහ කණගාටුදායකයි. මේ රජයේ අකාර්යක්ෂම, අදක්ෂ, වගකීම් විරහිත, වග කිව යුතු නැති, කිසිම වැඩක් නැති කූඩැල්ලන් වගේ. මට ඕනෑ තරම් අත්දැකීම් තියෙනවා. පද්ධතිය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. මේ පාලනයට පියවර ගන්න බැරි නම්, කිසිම රජයක් එහෙම කරන්නේ නැහැ.
දෙැන් ගොඩක් අය ජිවත් වෙන්නේ රාජ්‍ය සේවයට වෛර කරමින්. කොහෙයත් එකයි. ඒ නිසා තමයි මෙමෙහෙ දේවල් වෙන්නෙ. මේවට නිසි විස‍්චුස් චෙක්ක ජකාඡි.ුසා සැචිම.් නෙක්ක ඕකා. ජනාධිපති කාර්යාලයේ ටෙලිපෝන් එක වැඩක්ම නැහැ. පැය විසිහරතම කීවට වැඩක් නැහැ. බොරවැ තමයි කරන්නෙ. ගහන්න ඕනා ඔලු කටු කැඩෙන්න. එතකොට තමයි හරි යන්නෙ. මුන්ට වාහන පර්මිටි දෙන්නත් එපා. ජනතාව වහල්ලු වගේ තමයි තියා ගන්න් හදන්නේ. ජනාධිපතිතුමා කෙලින්ම මැදිහත් වෙන්න යුනිට් එකක් හයදන්න
ඔය ජයවීර මහතාට කරන අසාධාරණය මම හොදින් දන්නවා. මම ඔඩිටි එසේ සේවය කලේ. දැන් විශ%ාමිකයි. ඔඩිටි එකත් හොර ලියුම් ගැහුවා. ඒ ගැන පරීක්ෂනයක් ද කලා. අල්ලස් එකත් ඔක්කොම යට ගැහුවා. ජයවීර මහයතාට කරන්න තියෙන්නෙ දැන් අල්ලස් පනත හරිම බලගතු නිසා නැවත අල්ලස් එකට ලියන එක. ඔඩිට් එකටත් ලියන්න. නඩු තීන්දුවකට එහෙම පිටුපාන්න බැහැ. මම ආණ්ඩුව ගැන කියන්නෙ නැහැ. ආණ්ඩුවේ සමහර බලගතු අය ඩයිවින් බැරි අයට බස් එලවන්න වගේ වැඩක්. පීනන්න බැරි අය මුහුදට දැන්මහම මොකද වෙන්නෙ. ඒ නිසා අනුර කුමාර මහත්තය මේව ගැන සොයල බලන්න.මං තව එකක් කියන්නම් මේ තියෙන තත්ත්වය මත අනිවාර්යයෙන්ම නගර සභා මහ නගර සභා පරදින්න පුලුවන්. විපක්ෂය දැන් හොදින් සංවිධානය වෙනවා. ඒක නිසා තමයි අපි මේ ගැන දුක්වෙන්නේ. අපි හරිම අසීරැවෙන් බලටය පත් කරගත්ත් ආණ්ඩුවක් මේක. හිතල බලන්න මේ කියන ඒව. බලය තිවෙක තොටවි සොගේ .ිවෙක්ක ඕකෙ.
ගාල්ලෙ ආදායම් බදු එකත් ඔය වගේ. උන්ට කොහොමටවත් බෑ රටට බදු එකතු කරන්න. ටෙලිපෝන් එකටවත් උත්තර දෙන්න දන්නෑ. මෙහෙම නම් කෙරෙය් පුනරුද.
අපේ සහල් කිලෝ එකට රුපියල් 65 විශේෂ බද්ද සහ අනෙක් බදුත් එකතුව රුපියල් 85 විතර බදු , පිටරටින් එන පිගන් ගඩොල් කැටේට 110% බද්දට අමතරව 15% වැට් බද්දත් ඇතුළුව 140%-150% බදු , ත්‍රිරෝද රථයකට ලක්ෂ 10 කට වැඩි බද්දක් , මේ විදිහට අපි පරිභෝජනය කරන භාණ්ඩ සහ සේවා විශාල ප්‍රමනෙකට බදු , මේ බදු වලින් කරන්නේ අවශ්‍ය ප්‍රමනෙට වැඩිය 3 ගුණයක් පමණ සිටින ජනතාවට සේවයක් නොකරන රජයේ සේවකයන් නඩත්තුව , ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැනි හැමදාම පාඩු ලබන සුදු අලි නඩත්තුව වැනි දේවල් නම් , ජනතව ඉන්නේ කල කිරීමෙන් , අනවශ්‍ය රජයේ සේවකයෝ ප්‍රති වියුහගත කර හෝ ඉවත් කිරීමට වහාම පියවර නොගත්තොත් , ඔබලාගේ චන්ද පදනම ලබන චන්දෙදි අනිවාර්යයෙන් 10-20% අඩු වෙනවා , ඊළඟ චන්දෙදි 30-40% අඩු වෙනවා , ජනාධිපති වරනේදී කෙලින්ම 40-50% අඩු වෙනවා , බහුතරයක් ජනතාව නිකන් කන්න ඉල්ලන්නේ නැහැ , බදු අඩුකර ,ජිවන වියදම අඩු කර වංචා දුෂණ නැති කාර්යක්ෂම රජ්‍යසේවයක් තමා ඔවුන් ඉල්ලන්නේ
රාජ්‍ය ආයතනයකින් වැඩක් කරගන්න යන්න කළින්, අන්තර්ජාලයෙන් බලලා යන්න. ගොඩක් ඒවා ගැන විස්තර තියෙනවා. අවශ්‍ය ලියකියවිලි ගැන එහෙම, ඒවා පුරවන විදිහ, ඔක්කොම විස්තර සමහර යූ ටියුබ් චැනල් වල තියෙනවා.
මමත් ඡන්දේ දුන්නේ මාලිමාවට, මම ඉහත සඳහන් කළ සාධාරණ විවේචනය කලේ ආණ්ඩුවට උදව් කිරීමට මිස ආණ්ඩුව වට්ටන චේතනාවෙන් නොවේ. අද රාජපක්ෂ ජුන්ටාවට, රනිල් සජිත්ලාට වැඩිය අනුර ගැන රටේ ජනතාවගේ විශ්වාසයක් තිබෙනවා. නමුත් අනුර හරි පාරේ යන්න. කියුබාවේ මෙන් අන්ත වාමාංශික හෝ ඇමරිකාවේ මෙන් අන්ත දක්ෂිනාංෂික පිල්ලි වෙතකට යන්න එපා... ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි ප්‍රජාතාන්ත්‍රික සමජවාදී රාමුවක ඉන්න. රජයේ සේවකයින් ගැන 100 % විශ්වාස කරන්න එපා.. ඔවුන්ගෙන් බහුතරයක් මහින්දලා විසින් ඇතුලට ඔබපු අය, රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කරන්න බිය වෙන්න එපා... ජනතාව ඉන්නේ රාජ්‍ය සේවය ගැන කලකිරීමෙන් සහ කෝපයෙන්, රජයේ වියදම් අඩු කර, බදු අඩුකර ජනතාවට සහන දෙන්න.. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට වියදම් කරන මුදල් වියදම් කර ලන්ගමේ ගොඩ ඇදල තිබෙන බස් ටික රෙපයාර් කරගෙන පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කරන්න. ජනතාව හැමදාම ඔබ සමග ඉදිවී...
"බත් කාලා ඈ?" කියලා කිව්වද දන්නේ නෑ...