
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයේ ලාභය පසුගිය වසරේ (2024) දෙසැම්බර් 31 න් අවසන් වූ කාර්තුවේ සියයට 99 කින් පහළ ගොස් ඇතැයි එම මණ්ඩලය ඉදිරිපත් කළ වාර්තාව සඳහන් වේ.
එම මණ්ඩලයේ විකුණුම් පිරිවැය ඉහළ යෑම එහි ලාභය පහළ යෑමට ප්‍රධාන හේතුව බව එම වාර්තාවෙන් හෙළිවේ.
එම මණ්ඩලය 2024 සමස්ත වසරේදී රුපියල් කෝටි 14,439 ක ශුද්ධ ලාභයක් ලබා ඇති බවත් එය 2023 වසරේ සමස්ත ශුද්ධ ලාභ වන රුපියල් කෝටි 5,763 සමඟ සැසදීමේදී සියයට 151 ක දැවැන්ත වර්ධනයකි.
එම මණ්ඩලයේ පසුගිය වසරේ අවසන් කාර්තුවේ මූල්‍ය ආදායම සහ පිරිවැය ගැලපීමේදී රුපියල් කෝටි 60.30 ක ශුද්ධ ලාභයක් ද, 2023 අවසන් කාර්තුවේ රුපියල් කෝටි 7,797 ක් ශුද්ධ ලාභයක් ද, ලැබූ බවත් ඒ අනුව එම මණ්ඩලයේ ශුද්ධ ලාභය අඩුවීමේ ප්‍රතිශතය සියයට 99 කි.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශයට පත් කළ ආසන්නතම මූල්‍ය වාර්තාවලට අනුව 2024 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේදී එම මණ්ඩලයේ ආදායම රුපියල් බිලියන 111.80ක් හෙවත් රුපියල් කෝටි 11,180 වන අතර එය 2023 අවසන් කාර්තුවේ ආදායම සමඟ සැසදීමේදී සියයට 28 ක පහළ යෑමකි. 2023 අවසන් කාර්තුවේ එම මණ්ඩලයේ ආදායම රුපියල් බිලියන 156.25 ක් හෙවත් රුපියල් කෝටි 15,625 කි.
රුපියල් කෝටි 7,803 ක්ව පැවැති 2023 අවසන් කාර්තුවේ විකුණුම් පිරිවැය සියයට 49 කින් ඉහළ ගොස් 2024 වසරේ අවසන් කාර්තුවේ විකුණුම් පිරිවැය රුපියල් කෝටි 11,629 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම වාර්තා කියයි.
2023 වසරේ අවසන් කාර්තුවේ රුපියල් කෝටි 7,822 ක් වූ එම මණ්ඩලයේ දළ ලාභය පසුගිය වසරේ එම කාර්තුවේ රුපියල් කෝටි 449 ක් දක්වා සියයට 106 කින් අඩු වී ඇති බවත් එම තත්වය අනුව මණ්ඩලය රුපියල් කෝටි 304 ක අලාභයක් ලබාඇති බව කියන එම මණ්ඩලය 2023 වසරේ අවසන් කාර්තුවේදී රුපියල් කෝටි 9,197 ක මෙහෙයුම් ලාභයක් ලබාඇති බවත් එම වාර්තාව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීයා ඉන්න කාලේ ලාභ ලබනවා එත් අපේ උන්ට එහි අගයක් නැහැ. මේක රාජ්‍ය සමාගමක් නිසා ලාභ ලබනවිට එහි ප්‍රතිලාබ ලැබෙන්නේ මහජනයාටම තමයි, ඔය අතිරික්ත මුදල් යොදවල යටිතල පහසුකම් වැඩි කරන්න එහෙම පුළුවන්, පාඩු ලබන විට ඒ මොකුත් කරන්න බැහැ එත් මහජනයා ගෙවන බදු මුදලෙන් පාඩු පියවන්නත් ඕන. ඉතින් ඔය දෙකෙන් වඩා හොඳ මොකක්ද?
බිල වැඩි වෙයිද ?
අපොයි
කාංචනට ඔලුවේ කැක්කුම හැදෙයි, හෙඩිම දැකලා...
IMF එකේ පදයට නටන්න වගේ යන්නේ, හැබැයි පුතෝ රනිල්ට උන වැඩේ වැඩි අතක නෑ හොඳේ, ඒක මතක තියාගන්න.
බිල් වැඩිකරන්න අඩිතාලම සකස් කරනවා
ප්‍රසාද දීමනා බෙදාගන්නකොට ලාභ පෙන්වනවා. දැන් ඔය දඟලන්නේ බිල වැඩි කිරීමට. මරු ඇමති කෙනෙක්නෙ ඉන්නෙත්.
සීයා කලේ සේරම බර ජනතාව පිට දාල සේරම පව් දුප්පත් මිනිස්සුන්ට ගෙවන්න සැලැසවූ එක.. ඕක කරන්න මහ ලොකු දැක්මක් ඕනද බං.. අද ඒ බර ජනතාවට සැහැල්ලු කරලා තියෙන්නේ.. එතකොට තමයි රටක ආර්ථික සංවර්දනය වැඩිකරන්න පුළුවන්..