
(අංජුල මහික වීරරත්න)
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නේවාසික නියෝජිත මාක් ඇන්ඩ්‍රොෆැන්ච් මහත්වරුන් අතර හමුවක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේදී අද සිදුවිය.
මෙහිදී ලංකාවේ තරුණ ප්‍රජාව අතර බෝ නොවන රෝග සහ ලිංගාශ්‍රිත රෝග පාලනය, තරුණ ප්‍රජාව අතර මත්ද්‍රව්‍ය භාවිතය වැලැක්වීම, යන කරුණු සම්බන්ධයෙන් පාසල් අධ්‍යාපනය තුළදීම ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කර ගැනීම සිදු විය.
බෝ නොවන රෝග නිවාරණ, මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු වලට අමතරව ජාතික ජන බලවේගයේ ජාතික තරුණ ප්‍රතිපත්තිය හා සමගාමීව තරුණ විරැකියාව අවම කිරීම, අධ්‍යාපනික ක්‍රමොපායන් සහ තරුණයන් සඳහා වූ ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම සහ පර්යේෂණ සඳහා ද සහයෝගීතාවය පළ කිරීමට එක්සත්ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතවරියා කැමැත්ත පළ කර සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු තරුණ ඇමති. කොණ්ඩේ තවම වැවෙනවා වගේ. දිහා දැක්කම කියන්න පුළුවන් තරුණයන්ට ගොඩක් ආදරේ කරන කෙනෙක් බව.