
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විදේශීය දූම්වැටි පැකට්ටුවක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ඕස්ට්‍රියා ජාතික කාන්තාවක අත්අඩංගුවට නොගෙන සිටීම සඳහා එම කාන්තාවගෙන් රුපියල් 50000/= ක මුදලක් සහ එම දුම් වැටි පැකට්ටුවක් බලෙන් ලබාගත් කොල්ලුපිටිය පොලිසියේ සැරයන්වරයකු ඇතුළු පොලිසියේ තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොල්ලූපිටිය පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සෙසු නිලධාරීන් දෙදෙනා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු බව පොලිසිය සඳහන් කරයි.
මෙම සැකකාර පොලිස් නිලධාරීන් තිදෙනා ඉකුත් 4 වෙනි දින කොල්ලුපිටිය හන්දියේ මාර්ග බාධක රාජකාරියෙදීී සිටියදී ඕස්ට්‍රියා ජාතික කාන්තාව සහ ශ්‍රී ලාංකික මඟ පෙන්වන්නා ගමන් කරමින් සිටි තීරෝද රථය නවතා පරික්ෂා කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
එම අවස්ථාවේදී විදේශීය ජාතික කාන්තාව සතුව විදේශීය දුම් වැටි පැකට්ටුවක් තිබී ඇති අතර එම දුම්වැටි මෙරටල තුළ පාවිච්චි කිරීමට නොහැකි බවට දැනුම් දී ඒ සම්බන්ධයෙන් ඇයව අත්අඩංගුවට නොගෙන සිටීම සඳහා රුපියල් 100.000/= ක මුදල අල්ලස් ලෙස ඉල්ලා ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරුව එම සැකකාර නිලධාරීන් විසින් විදේශීය ජාතික කාන්තාව සතුව තිබූ දුම්වැටි පැකට්ටුව සහ මුදල් රුපියල් 50000/= ක් ලබාගෙන ඔවුන් මුදා හැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ කාලකන්නි පොලිස් නිලයකට නොසුදුසු තුන්දෙනාගේ වැඩ තහනම් කර කිසිම අයුරින් යලි නොගැනීම හා සම්පූර්ණ පුනුරුත්ථාපනයකට යොමු කල යුතුයි .
අනෙකුත් පගා ගහන්නන්ව අධෛර්ය කිරීමට මොවුන්ව වැරදි කරුවන් උනොත් බරපතල වැඩ සහිතව හිරේ දාන්න. නීතිය රකින්න ඉන්න අය නීති කඩපුවම උන් ත්‍රස්තවාදීන්ටත් අන්තයි.
මෙම පොලිස් නිලධාරීන් ශ්‍රී ලංකාවේ කීර්තිය ලොව සුපතල කිරීමට ගත් උත්සාහයට මාගේ ප්‍රණාමය! ලංකා පාස්පෝට් එක ඇෆ්ගනිස්ථානය ලඟට යන්න වැඩි කල් යන්නෑ වගේ.
මේක කැත වැඩක් , සංචාරකයෙක් පිට රට ඉඳල එනකොට රැගෙන එන සිගරට් එකකවත් බොන්න බැරිනම් පලක් තිබෙනවද? සිගරට් ජාවාරම් කරන එක වෙන දෙයක් තමන්ගේ භාවිතය තව එකක් , කරුණාකරලා මෙම නීති වෙනස් කරන්න , සමහර විදේශිකයෝ භාවිත කරන බ්‍රෑන්ඩ් ලංකාවේ නැහැ , ශ්‍රී ලංකික විදේශ ශ්‍රමිකයෙක් වුනත් රට ඉඳල ආවම යාලු හිත මිතුරෙකුට රට සිගරට් එකක් දෙන එක සිරිතක් ,