
(චන්ද්‍රසේන ගමගේ)
නිවසේ නවතා ඇති ලොරි රථයේ බැටරිය සොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා නිවෙස් හිමියා විසින් අදින ලද අනවසර විදුලි රැහැනක පැටලීමෙන් ඔහුගේ බිරිද හා පුත්‍රයා මිය ගොස් තිබූ බව සූරියවැව පොලිසිය පවසයි.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණේ සූරියවැව වීරියගම ප්‍රදේශයේ පදිංචිව සිටි සිව් දරු මවක් වන විජයමුනිගේ එනෝකා හර්ෂණී නම් 38 වියේ පසුවූ කාන්තාවක් හා ඇයගේ පස් හැවරදි පුත්‍රයා වූ වීරසිංහගේ ගඟන ඉදුවර නම් අයයි.
නිවසේ හිමිකරු විසින් මීට ටික දිනකට පෙරදී කුඩා ලොරි රථයක් මිළදීගෙන ඇතිි අතර එම ලොරි රථය නිවසේ නවතා තිබියදී මීට පෙර දිනයකදී ලොරි රථයේ බැටරිය සොරුන් විසින් ගලවාගෙන ගොස් තිබේ.
ඊට පිළියමක් ලෙස සොරුන්ගෙන් ලොරි රථය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම අනවසර විදුලි රැහැන නිවෙස් හිමියා විසින් ඇද තිබුණු බව පොලිසිය කියයි.
එසේ අදින ලද අනවසර විදුලි රැහැනේ විදුලිය විසන්ධි කිරීමට නිවෙස් හිමියාට නොහැකි වී මෙන් ඔහුගේ බිරිඳ හා පුත්‍රයා මෙම අනතුරට ලක්ව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බූරුවෙක් . විදුලිය සමග සෙල්ලම්, දිනෙක වෙයි දෝ ලෙල්ලම්. අනුන්ට අටවන උගුලේ තමන්ම ඇද වැටෙනවා
අර බැටරිය උස්සපු හොරා මාලිමාවෙක් වෙන්න ඕන, ඔවුන් හරිම කුහකයි, ඊර්ශාවෙන් පුපුරනවා, අපි දන්නවානේ ගම් වල ඉන්න මාලිමාවුන් ගැන.