(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දැඩි ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ලොකු වැටුප් වැඩිවීමක් කර තිබියදී ජනතාව පීඩාවට පත් කරන අසාධාරණ වැඩ වර්ජනවලට නොයන්නැයි සියලුම වෛද්‍යවරුන්ගේ ඉල්ලීමක් කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.
වෛද්‍යවරුන් පිරිසක් පස් වැනිදා දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් කර පසුව හත් වැනිදා අඛණ්ඩ වැඩ වර්ජනයක් කිරීමට සැරසෙන බවට තොරතුරු වාර්තා වී ඇතැයිද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ වෛද්‍යවරුන්ගේ විරෝධතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමිනි.
ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කිරීමේ ක්‍රියාමාර්ගය තුළින් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කල
යතුරුපැදියෙන් වෙසක් සිරි නරඹමින් ගමන් කරමින් සිටි පෙම්වතුන් යුවළක් මාතර බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ දී පෞද්ගලික බසයකට යටවීමෙන් මියගොස් ඇතැයි මාතර පො
කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර සහ නාරාහේන්පිට දුම්රිය ස්ථානය අතර පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් සඳහා එම හරස් ම
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම්
මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අසාධාරණ වැඩ වර්ජන එපා
kamal Tuesday, 04 March 2025 06:48 PM
දොස්තරලට ඇඟිළි සලකුණු සටහන් කිරීම අනිවාර්ය කරන්න. රෝහලක දොස්තරල 5 ක් ඉන්නවනම් ඉන්නෙ 1 යි. එයාල අමුතු ශිෆ්ට් ක්‍රමයක් හදාගෙන. උදේ 9 ට එනෙ. හවස 2 ට යනවා, ඩයරිය බැලුවාම අවුරුද්දේ දවස් 365 ම උදේ 7 රෑ 7 වැඩ. මහජන සල්ලි නේද මේ හොරට අතිකාල දාල ලක්ෂ ගනන් ගන්නේ. විශේෂඥ දොස්තරලා කොහොමද ඊ චැනලින් සේවාවේ පවා රජයේ රාජකාරි වේලාව තුල පුද්ගලික සේවයේ යෙදෙන්නේ... මෙයාලා ඉල්ලන විදියට දැනටත් ලක්ෂ ගණන් හොරට ගන්න අතිකාල දෙගුණයකට ආසන්න වෙනවා. සහගහන අපරාධ... රටේ ප්ලේන්ටියක් බොන්න සල්ලි නැති මිනිස්සු ඉන්නකොට ඒ මිනිස්සුන්ගේ ප්ලේන්ටියත් බදු ගහලා මෙයාලාට නිකන් උගන්නල රැකියාවේත් අසාධාරණ් විදියට හොර අතිකාල ගන්න එක...
අපිට සති 2ට වඩා මතකයි Tuesday, 04 March 2025 06:52 PM
එයාලා ගුරුවරු එළියට දාලා 25,000ක පඩි වැඩි වීමක් ඉල්ලුවේ, රට කොවිඩ් වලින් අන්තෙටම වැටිලා තියෙන වෙලාවේ. රට ඉන්න මිනිස්සුන්ට ලංකාවට සල්ලි එවන්න එපා කිව්වා. හට් ගහගෙන අරගල කළා. හොරකම් කරපු නිසා සල්ලි නැති වුනේ කිව්වා. හොරකම් කරපු සල්ලි උගන්ඩාවට ගෙනියනවා අපි දැක්කා කියලා කිව්වා. කලු පාට වෙසක් කූඩු හැදුවා... තොවිල් කරා. දැන් රෙද්දක් ඇඳගෙනද ඔය කතාව කියන්නේ?
AntonWednesday, 05 March 2025 08:51 AM
ඉතා හොඳයි
ගුණරත්න Tuesday, 04 March 2025 07:04 PM
ගිය අවුරුද්දේ මාලිමාවුන් වර්ජනේ කළා. මාස 3ක් එක දිගට කැම්පස් වහගෙන හිටියා. ඒවා සාධාරණ වර්ජනද ඇමැතිතුමෝ?
sweneTuesday, 04 March 2025 09:04 PM
මෙච්චර වැඩි කරලත් තවත් 1/80 ගැන කතා කරනවානම්, දොස්තරලට ඉල්ලන්න තියෙන්නේ අපිට එපා ඔය පඩි වැඩි වීම. අපට පෙර විධියටම මුලික පඩියයි 1/80යි දෙන්න කියල. වැඩි කල දේවල් ගන්නයි 1/80 හි එල්ලිලා ඉන්න එකයි කිසි සේත්ම හරි නැහැ. අනික දිනකට පැය 6 බැගින් දින 20ක් මසකට වැඩ කරනවා කියල ගතහොත් මසකට වැඩ කරන මුළු පැය ගණන 120යි. ඒ නිසා අමතර සේවය කරන පැය එකකට ලැබිය යුත්තේ 1/120 මිසක් 1/80ක් නොවේ. ඒකයි සාධාරණය.
sweneWednesday, 05 March 2025 08:54 AM
සියලුම විරෝධතා ජාතික ජන බලවේගයට දමා වර්තමානයේ කතා කරන වර්ජන සාධාරණය කරන්න එපා ගුණරත්න. දැන් සිටින පාලකයෝ තමන්ගේ සියලු වරප්‍රසාද අඩු කර කැපවීමෙන් වැඩ කොට රට ගොඩ දානයි හදන්නේ . එයට උදව් කරන්න. රට ගොඩ දමමු. නැත්නම් අපට රටක් නැත.
Malika Tuesday, 04 March 2025 07:06 PM
අපේ මහජනතාවගේ මුදල් වලින් ඉගෙන ගෙන දැන් මහජනතාවගේම රිරී මාංසේ හූරාගෙන කන්න හදන එක්තරා යක්කු කොට්ඨාසයක්. මෙච්චර සාධාරණ විදියට පඩි වැඩි කරලා දීලා, මේ ඉල්ලන ඉල්ලීම් කොච්චර අසාධාරණද? සජිතුත් මේවාට උල් පන්දම් දෙන්නේ එයා ගාවත් මහින්දලා සමඟ හවුලේ හොරා කාපු සල්ලිත් තියෙන නිසා. මේ රට වැටිලා ඉන්න වෙලාවේ ආන්ඩුවට උදව් කරලා ගොඩ දාගෙන අවුරුදු දෙකකින්වත් වැඩිපුර ඉල්ලූවා නම් ඔන්න සාධාරණයි කියන්න පුළුවන්... මේ දොස්තරලාත් හොරු. දැන් හොරා කන්න බැරි නිසා රට වට්ටන්න හදන්නේ. මොවුන්ට හෙනම ගහපන් දෙවියනේ...
LakshithaWednesday, 05 March 2025 07:39 AM
කරන කලට පව් මීරිය මී සේ. විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ කියන්නේ ඕකට තමයි. කොවිඩ් ඇත්තෙත් නැතුව, ලෝක තෙල් මිලත් අඩු වෙද්දී, මිනිස්සුන්ට සුර ලෝක මවලා බලය අරන් අන්තිමට අපායක් කරන්න හදන්නෙ.
වෑල්ඩින් ආචාර්යWednesday, 05 March 2025 07:45 AM
කොවිඩ් වලින් කෙල වෙලා, ආදායම් මාර්ග නැත්තටම නැති වෙලා තියෙන වෙලාවේ උද්ඝෝෂණ කරවා, අරගල කරවා රට වට්ටවා බොරුවෙන් මිනිස්සු රවටා බලය ගත් උන්ට කොහොම හෙන ගහන්න ඕනද... මාස 6න් 6ට පඩි වැඩි කරන්නන්, ලයිට් බිල තුනෙන් දෙකකින් අඩු කරන්නන්, වතුර බිලත් ඒ වගේම අඩු කරන්නන්, තෙල් මිල රුපියල් 150කින් අඩු කරන්නන්, විට්ස් කාර් එකක් ලක්ශ 12ට දෙන්නන් කියලා තියෙන පඩියත් කපලා, ලයිට් බිල වැඩි කරලා, ඇල්ටො කාර් එකත් ලක්ශ 75ක් කරපු උන්ට සාප වෙලා, හෙන ගහලා, හැඳි ගෑවිලා අකුලෝලම යන්න එපැයි ඔය කියන විදියට.
karolis Tuesday, 04 March 2025 07:25 PM
මතකද ඕගොල්ලෝ කොවිඩ් අස්සෙත් ගුරුවරු ස්ට්‍රයික් කෙරෙව්වා. රටට ඩොලර් එවන්නත් එපා කිව්වා. කළ කම් පලදෙන කොට අමාරුයි නේද?
පාසල් දරුවන්ගේ දෙමව්පියන්Wednesday, 05 March 2025 06:43 AM
මෙහි කීප දෙනෙක්ම කියලා තියෙනවා මාලිමාව විපක්ෂයේ සිටිමින් ' සාධාරණ ' ලෙස වර්ජන කරවපු හැටි. ඒ අය හරි. දැන් ඔය කම්කරු නියෝජ්‍ය අමාත්‍ය වෙලා ඉන්න මහින්ද ජයසිංහ පාසල් වසාගෙන ස්ට්‍රයික් කරේ සාධාරණ නිසාද? ඒ කාලයේ උසස් පෙළ පන්තියේ සිටි අපේ දරුවන්ට මුළු කාලයටම පාසල් තිබුණේ මාස දෙකයි. ඔවුන්ගේ විභාගය පවා කල් ගියා. ඒවා සාධාරණ නම් මේවත් සාධාරණ තමයි.
බණ්ඩා Tuesday, 04 March 2025 09:00 PM
කෝවිඩ් නිසා රට වහලා තියෙද්දී ගුරුවරු ,ගොවියෝ , නර්ස්ලා පාරට බස්සගෙන කරපු තිරිසන් වැඩවර්ජන අමතකද මහත්තයෝ? රටට විදේශ විනිමය නැතුව සංචාරකයෝ නැතුව මිනිස්සු පෝළිම්වල ඉද්දී එක ඩොලර් එකක් රටට එවන්න එපා කියලා අසික්කිත දේශපාලනයක් කරපු මිනිස්සු තමුන්ලා..හැබැයි අද වුනත් වෙන දේශාපාලකයෝ ඒ තරම් පහත් තැනකට වැටෙයි කියලා හිතන්න අමාරුයි
Toni Tuesday, 04 March 2025 09:35 PM
කර්මය භූමරංගයක් සේ පැමිණ ඇත...
බද්රානි Tuesday, 04 March 2025 09:35 PM
කමෙන්ට් තීරුවේ දේශපාලන බඩ පිනුම් ගහන්න දඟලන අම්බරුවන් අතර, "කමල් සහ මල්ලිකාගේ" වටිනා අදහස් ඉතාම ගෞරවයෙන් යුතුව අගය කරමි...ලංකාවේ සෞඛ්‍ය සේවය කියන්නේ, තනිකරම දොස්තර මාෆියාවක්. හෙදියන්, රෝහල් සේවකයින් මේ මාෆියාවේ කොටස් කාරයින් පෞද්ගලික රෝහල් මාෆියාව මේ රටින් තුරන් කළ යුතුයි.. රෝගීන් නොමරා මරමින් ඔවුන්ගේ මුදල් සූරාකන පෞද්ගලික රෝහල් නිසි නියාමනයකට ලක්කොට, අයකරන මුදලේ සීමාවන් පැනවීමට නොකඩවා කටයුතු කළ යුතුයි... රජය මේතරම් පැහැදිලිවම වෛද්‍යවරු ඇතුළු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකොට තිබියදී කිසිඳු වගකීමකින් තොරව අර "GOMA (ගොමා )"කල්ලිය එයට එරෙහිව වැඩ වර්ජනයක් දියත් කිරීමට සුදානම් වීම සුළුකොට තැකිය යුතු කරුණක් නොවෙයි...මේ වෛද්‍ය ත්රස්තවාදයට එරෙහිව රජය මීට වඩා දැඩිව කටයුතු කළ යුතුයි.. ඒ වගේම වැරැදි තොරතුරු සමාජගත කරන පාදඩ ජඩ මාධ්‍ය තහනම් කළ යුතුයි.
මැක්ස් Tuesday, 04 March 2025 09:38 PM
මේ උද්දච්ච ඇමැති කතා කරන්නේ කටින්ද? වැඩවර්ජන නමැති තර්ජනාංගුලිය රටට එරෙහිව යෙදවීමේ පියවරු වන කාබාසිනියාකර ජවිපෙය දැන් වර්ජකයින්ගෙන් මේ ඉල්ලා සිටින්නේ මොනවද? කරුමය මාලිමාව ලෙසින් ද පැමිණිය හැකියි... යනුවෙන් රට පුරා දැන් පැතිරී යන කතාව සත්‍යයකි.
Tasika Wednesday, 05 March 2025 12:25 AM
දැන් ජෙවිපි එක විපක්ෂේ හිටිය නම් රට පුරා තෙල් පෝලිම්. මිනිස්සු අවුස්සලා පෝලිම් මවලා රටවනසලා ඉවරයි
Janitha Wednesday, 05 March 2025 04:46 AM
කරන කලට පව් මිහිරිය මී සේ...!
රනේ Wednesday, 05 March 2025 06:36 AM
රටේ හැමදෙනාටම ආදායම මදි. ඒත් ඉවසනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ..
Indika Wednesday, 05 March 2025 07:48 AM
දැං රටේ ආර්ථිකය යහපත් සහ ස්ථාවරයි කියලා කිව්වානේ.. අනේ ආයේමත් ඒක කඩං වැටිලද? අපි දන්නෙම නැහැනේ...
Samarasinghe Matale Wednesday, 05 March 2025 09:25 AM
රජයේ රෝහල් වල ඔපරේෂන් කරන්නේ දොස්තර ලගේ අම්මල තාත්තල සහෝදරයෝ . අනිත් අය මැරෙනකම් ලිස්ට් එකේ ඉන්න ඕනේ .
Toni Wednesday, 05 March 2025 12:28 PM
කර්මය කියන්නේ බූමරංගයක් වගේ ආපසු කැරකිලා එන දෙයක් මහත්තයෝ...!
max Wednesday, 05 March 2025 12:32 PM
මේ උද්දච්ච ඇමැති කතා කරන්නේ කටින් ද? වැඩවර්ජන නමැති තර්ජනාංගුලිය රටට එරෙහිව යෙදවීමේ පියවරු වන කාබාසිනියාකර ජවිපෙය දැන් වර්ජකයින්ගෙන් මේ ඉල්ලා සිටින්නේ මොනවද? කරුමය මාලිමාව ලෙසින් ද පැමිණිය හැකියි... යනුවෙන් රට පුරා දැන් පැතිරී යන කතාව සත්‍යයකි.
Asanga Wednesday, 05 March 2025 12:33 PM
එතකොට ජෙප්පෝ සාධාරණ වැඩ වර්ජනද කරේ? අනේ මේ අය කටින්ද කියන්නේ?
සිල්වා Wednesday, 05 March 2025 01:50 PM
අවුරුදු හැටපහක් තිස්සේ වර්ජන වලින් සහ සන්නද්ධ අරගල වලින් විනාශ වෙච්චි රට තවත් විනාශ කිරීමට උත්සාහ කරන්න එපා.