(අමදෝරු අමරජීව)

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ සිසුන් එකොළොස්දෙනෙකුට පනවා ඇති පන්ති තහනමට එරෙහිව අද (05) දහවල්  එම මණ්ඩපයේ සිසුන් පිරිසක් මණ්ඩපයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවයක් ආරම්භ කරණු ලැබිය .

මණ්ඩපයේ ගැටලු සහ සිසුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින සහ හඬ නගන සිසුන් මර්දනය කරන පාලනාධිකාරියට එරෙහිව මෙම විරෝධතාවය ක්‍රියාත්මක කරන බව පිඨ ශිෂ්‍ය සංගමයේ සභාපති කවින් කාවින්ද චතුරංග සිසුවා පැවසීය .

දිවා කාලයේ අධ්‍යාපන කටයුතුවලින් පසුව විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ ප්‍රවේශ දොරටුව ඉදිරිපිට දෛනිකව සිය අයිතිවාසිකම් වෙනුවෙන් අඛණ්ඩ විරෝධතාවයක් දියත් කරන බව මෙම පීඨ ශිෂ්‍ය සංගමය පවසයි.