
(කේ බුද්ධික කුමාරසිරි)
කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනයට එරෙහිව මුදල් විශුද්ධිකරණය යටතේ පවතින නඩුවක සැකකාරියක ලෙස අත් අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කල ඩේසි ෆොරස්ට් නැමැත්තිය රුපියල් ලක්ෂ පණහ බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (05) දින නියෝග කලාය
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සභාපතිත්වය දැරූ කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් පෞද්ගලික සමාගමට ඒරෙහිව මුදල් විශුද්ධිකරන චෝදනාව යටතේ 2016 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් ආරම්භ කල විමර්ශනයකට අදාලව එම සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි
අදාල විමර්ශනයේදී රපියල් මිලියන 59කට අධික මුදලක් තිබූ ස්තීර තැන්පතු බැංකු ගිණුමක් සම්බන්ධයෙන් අණාවරණය වූ බවත් අදාල ගිණුම යෝෂිත රාජපක්ෂ නැමැත්තා සමග හවුල් ගිණුමක් ලෙස සැකකාරිය විසින් පවත්වාගෙන ගොස් තිබු බවත් මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් අධිකරනය හමුවේ කරුණු දැක්වීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති දක්ෂ විමර්ශකයෝ! අනු වයසැති ඩේසි ආච්චි පොලිසියට ආවහම අත් අඩංගුවට ගන්නවා. සතියක් තිස්සේ දේශබන්දු හැංගී මුත්තන් කෙලිනවා
ඩේසි ආච්චිගෙ පිං පඩියයි, සමෘධි සහනාධාරයි එකතු වෙච්චි බැංකු ගිණුම. වයසත් එක්ක හදීසියකයට කීයක් හරි වියදමට ගන්න තමයි, මුණුබුරාගේ නම ඇතුළත්කරලා තියෙන්නේ. යහ පාලනේ එකටත් නඩු දාල නෙව...
තාරුණ්‍යයට හෙටක් සැට් එක දුප්පත් වයසක ආච්චිව ඉස්සර කරගෙන හොරකමේ ගිහිල්ලා තියෙන්නේ…
ඉෂාරා සෙව්වන්දි වෙනුවටද අවුරුදු 97ක ආච්චිව අරන් ආවේ? දැන්වත් ඔය ගොන්පාට් නවත්තලා කරන්න පුළුවන් එකෙකුට පොලිසිය බාර දියල්ලා
නිල් බලකායේ ඉදිරියෙන්ම යන නායිකාව…..!
ඩේසි ආච්චිට පොලිස් ආරක්ෂාව දෙන්න… රාජපක්ෂලා විශ්වාස නැහැ… සාක්කි නැති කරන්න වැඩක් දෙයි.
"කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ" අනුන්ගේ පව් වලට කර ගහල කරගත්තු දෙයක්. පව් අප්පා
අම්මෝ මෙන්න පලි ගන්නවා
දුප්පත් මිනිහෙක් පොල් ගෙඩි කිහිපයක් හොරකම් කලත් දවස් 14 රිමාන්ඩ් ,මිලියන 97 වංචා සහගතව හොරකම් කළ එකට සම්බන්ධ ගැනිට ඇප දෙනවා , ශ්‍රී ලන්කන් එයාර්බස් ගනු දෙනුවට ඩොලර් මිලියන 2 පගාව ගහපු කපිල චන්ද්‍රසේන කිසිම ප්‍රශ්නයක් නැතුව යහතින් ජිවත් වෙනවා. ඔහුගේ නඩුවට දැන් වසර 5 පමණ ගතවෙලා. ඊට වැඩියෙන් හොරකම් කළ අර්ජුන මහේන්ද්‍රන් එක දවසකවත් රිමාන්ඩ් එකේ හිටියේ නැහැ. හොරකම් කරනවා නම් හොරකම් කරන්න ඕනේ ජනතා මුදල් , වැඩි වැඩියෙන් හොරකම් කරන තරමට දඩුවම අඩුයි.
බැංකු හොරා අල්ලනු. උගන් ඩා සල්ලි ගෙනෙනූ. පොරොන් දු වූ ලෙස වියදම් අඩු කර භාණ්ඩාගාරය පුරවනු. ජනතාවට සහන දෙනූ.