
(අංජුල මහික වීරරත්න)
පාසල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
2025 අයවැය යෝජනා මගින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන සහ එම කටයුතුවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
එසේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර ඊට අදාළව සිදු කළ යුතු නව ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි.
අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ද මීට සහභාගී වූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාකච්ඡා නම් ඉතින් මොනවද මෙයාට..? ඒක විතරයිනේ කරන්න දන්නේ...?
මෙය, චාල්ස් තෝමස් දේවගැති තුමා ලවා පාසල් ළමුන්ට "දුක් ගී" උගන්වන්නට සැලසුම් කරන සාකච්ඡාවක් නොවේ යැයි අපි බලාපොරොත්තු වෙමු.
මේසෙට ගහල ඩඩ්ලිට රුපියල් 10/-ක් වැඩි කරලා දුන්න වගේ සාකච්චාවක් නොවේවා!
ඔබ මැතිවරණ වේදිකාවලදී කියූ සියලුම දේවල් ඉටුකළ හැකියි. හරිම සරල දෙයක්. කරන්න බැරි කිසිිවක් ඔබ කීවේ නැහැ. ඒ උනන්දුව දැනුත් තිබිය යුතුයි. නමුත් අවංකව කීවොත් ඔබ යටතේ ඉන්න සමහර අයට වැඩ ගැන නිසි අවබෝධයක් නැහැ. ඉදිරි ගමනට ඒක ලොකු බාධාවක්. මම එහෙම කියන්නේ හේතු ඇතිව. හරියට කලොත් මේ ආණ්ඩුව පෙරලන්න කාටවත් බැහැ. දකුණු පළාතේ අධ්‍යාපනයේ තියෙන අඩුපාඩු අපි තරම් කවුරුවත් දන්නේ නැහැ. දකුණු පළාත පාතාලයෙන් එක වුනේ දේශපාලකයින් සහ නිලධාරින් නිසා. වගකීමෙන් කියන්නේ. මේක වෙනස් කරන්න පුළුවන් ඔබට සහ හරිනි මැතිණියට පමණයි. ඒ හැර වෙනත් අයට ඒ ගැන නිසි අවබොධයක් නැහැ. පළාතෙන් පළාතට හොඳ කමිටුවක් පත්කරන්න. බැහැයි පළාතෙන් පළාතට වෙන වෙන තීන්දු තීරණ ගන්න එක හොඳ නැහැ. අපි යමක් දන්නවා. අපි උදව් කරන්න ලැහැස්තියි. රටක් වෙනස් කළ හැකි හොඳම ආයුධය අධ්‍යාපනයයි. ඔබට කරන්න බැරිමනන් මෙය කරන්න කෙනෙකුත් නැහැ.