
(ඉන්දිකා රාමනායක)
ත්‍රිවිධ හමුදා සේවයෙන් පලා ගොස් සැඟව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 679 දෙනකු මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ත්‍රිවිධ හමුදාව සිදුකළ මෙහෙයුම්වලින් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 572 දෙදෙනකු පොලිසිය විසින් සිදු කළ මෙහෙයුම්වලින් 107 දෙනෙකු වශයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත පසුගිය පෙබරවාරි මස 22දින සිට අද 05 දක්වා කාලය තුළ රටපුරා සිදු කළ මෙහෙයුම්වලින් මොවුන් අත්අඩංගුවට පත්ව ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හෙරත් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ උනාට පොල්පිති ධූරයෙන් පැනගිය කෙනාව තවම හොයනවා
මෙය කළ යුතුම දෙයක්. හැම අපරාධයකම මූලය හොයනකොට, පන ගිය හමුදාවේ කෙනෙක්. මෙය නීති ගරුක නිලධාරින්ට විශාල අගෞරවයක්.
මොවුන් පැනගියේ මන්ද යන කාරණා සොයා බලා පසුවිපරමක් කරලා ඔවුන් පුනරුත්තාපනය කර සුදුසු රැකියා සඳහා යොමුකළ යුතුයි.