
(ගයාන් සූරියආරච්චි)
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා අධිකරණ නියෝගයට අනුගත නොවුණ හොත් සැකකරුවන් නීතිය හමුවට රැගෙන එන ක්‍රමවේදවලට අනුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.
දේශබන්දු තෙන්නකොන් මහතා අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් කීපයක් යොදවා විමර්ශන සිදුකළ ද මේවන විට ඔහු නීතියට අනුගත නොවී කටයුතු කිරීම හේතුවෙන් ඔහුගේ දුරකතන සම්බන්ධතා වර්තා සහ රැදී සිටින ස්ථාන පිළිබදව පරික්ෂණ සිදුකර ඇති බවද මනතුංග මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා හිටපු පොලිස් පති.
ඔච්චර අමාරුවෙන් ඔයාලා ගෙනාවට පස්සේ ඇප අරන් එළියට යනවා. අඩු ගානේ හැංගිලා හිටිය එකටවත් දඬුවමක් දෙන්නේ නැද්ද?
ඔය කණ්ඩායම් අවශ්‍යම තැන් දෙකක් තවම පරීක්ෂාකරලා නැහැ. නැති හැමතැනක්ම මේ වෙනකොට හොයලා බලලා ඉවරයි.
මෙච්චර දවස් කිව්වා නේද අත් අඩංගුවට ගන්නේ කියලා ආයෙත් කියනවා අත්අඩංගුවට ගන්නවා කියලා... මීට වැඩිය ලේසි නැද්ද මේ සැරේ ‘‘ කකුල් අඩංගුවට ගන්නවා..‘‘ කිව්වා නම්...!
සාමාන්‍ය මනුස්සෙයක් මේ විදියට ක්‍රියා කළා නම් පොලිසිය ක්‍රියා කරන්නේ කොහොමද? එතකොට නීතිය තදයි
පොලිසිය කරන්නේ තනිකරම බොරුවක්... පොලීසිය දන්නවා ඉන්න තැන...!