(නිමල කොඩිතුවක්කු)
අතිකාල දීමනා සහ සහ නිවාඩු දින දිමනා ක්‍රමය අය වැය මගින් අත්තනෝමතික ලෙස ඉවත් කිරීමට විරෝධය පල කරමින් පරිපූරක වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය වෘත්තිකයින්ගේ සම්මේලනය හෙට(6) දියත් කිරීමට නියමිතව තිබූ වර්ජන ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සම්මේලනය අතර පැවති සාකච්ඡා පදනම් කරගනිමින් මෙම වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටවූ බව එහි සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පැවසීය.
වෘත්තීය සමිති නායකයන් සම්බන්ධ කරගනිමින් මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කොට තම ගැටලු විසඳීමට විෂය බාර අමාත්‍යවරයා එකඟතාවය පළ කල බවත් ඔහු සඳහන් කළේය.
තම ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසදුමක් නොදුන්නොත් මාර්තු 17 වනදායින් පසු සෞඛ්‍ය වෘත්තීය සමිති රැස්වී තීරණයක් ගන්නා බවත් ධර්මවික්‍රම මහතා කීවේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සෞඛ්‍ය වර්ජනය අත්හිටුවයි