
(ගයාන් සූරිය ආරච්චි)
රථ වාහන රාජකාරියෙ නිරතරත වන නිලධාරීන්ගේ ත්‍යාගදීමනා සියයට විසිපහකින් වැඩි කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උපදෙස් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
ඒ අනුව ඉකුත් පෙබරවාරි පළවෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ත්‍යාග මුදල් වැඩි කිරීම සිදු කෙරුණු ඇත.
රථ වාහන රාජකාරිවල නිරතව සිටින නිලධාරීන් දිරිමත් කිරීමත් රථ වාහන වැරදි අවම කිරීමට උපරිමයෙන් කටයුතු කිරීමටත් දිරිගැන්වීමක් වශයෙන් මෙම ත්‍යාගෙ මුදල් ගෙවීම් වැඩි කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි.
ඒ අනුව ක්ෂේත්‍ර රාජකාරියේ නියැලෙන රථ වාහන අංශ ස්ථානාධිපතිවරුන්, ක්ෂේත්‍ර රාජකාරියේ හා කාර්‍යාලයේ රාජකාරියෙ නියැලෙන පරීක්ෂණ ශ්‍රේණියේ නිලධාරීන්, පොලිස් සැරයන් හා පොලිස් කොස්තාපල් වරුන්, ක්ෂේත්‍ර රාජකාරියේ නියැලෙන පොලිස් කොස්තාපල් රියදුරන් සඳහාද මෙම ත්‍යාග මුදල් වර්ධනය ලබා දෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරපු නැති වැරදි වලටත් දඩ කොල හම්බවෙන්න යන සීන් එකක් තියෙන්නේ. අපි නොදන්න පොලිස් අයියලා. අනික එයාලට ලැබෙන මුදල වැඩි කලාම රථ වාහන වැරදි අවම වෙන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ.
හාල් කිලෝ එකට තිබෙන බදු වලට අමතරව 65 බද්දක් ගහල , රටින් එන පිගන් ගඩොල් කැටෙටේ 110% බද්දක් ගහල එක විකුණන කොට තව 15% වැට් බදුත් ගහලා , පොල් මුදලාලිලාත් මාෆියාවක් හදාගෙන ගෙඩිය 200 දෙන නිසා ජනතාව සිටින්නේ ඉතා ප්‍රීතියෙන් , දඩ කොලේ ඩබල් වෙන්නේ , විදුලිබිල වැඩි වෙන්නේ , ලක්ෂ 12 විට්ස් එක එන්නේ , ඡන්දෙන් පස්සේ ,