
(යොහාන් භාසුර සහ තිලකරත්න දිසානායක)
වත්තල, ඇලකන්ද පාර, උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගබඩාකර වෙළදපොලට නිකුත්කිරීමට සුදානම් කර තිබූ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තිරිගු පිටි මෙට්‍රික්ටොන් 750 කට අධික ප්‍රමාණයක් අද (05) භාරයට ගත් බව පාරිභෝග කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.
එම තිරිගු පිටිවල නිෂ්පාදිත දිනය පසුගිය වසරේ මාර්තු සහ මැයි මාසය ලෙසත් කල්ඉකුත්වන දිනය මෙම වසරේ මාර්තු සහ මැයි ලෙසත් සඳහන් කර තිබූ බවත් එම තොගය දැඩි ලෙස කෘමි ආසාදනයට ලක්ව තිබු බැවින් තවදුරටත් ඉදිරියේ දී මෙම තොග වෙළදපොලට නිකුත්වීම වැලැක්වීම සඳහා අදාළ භාණ්ඩ තොගය නිලධාරීන් භාරයට ගෙන වැඩිදුර විමර්ශන පවත්වන බවත් එම අධිකාරිය කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන් ලෙඩවෙන ආහාර කූට ලෙස විකුණන මොවුන්ට මොනවගේ දුෂ්ට සිතක් තියෙන්න ඕනේද? මොවුන්ගේ නම සහ පවුලේ විස්තර ප්‍රසිද්ධියට පත්කල යුතුයි, සමාජයේ ලජ්ජා වන විදියට. එතකොට තමයි මුන් වගේ එවුන් හැදෙන්නේ.. කිසිම බුරුලක් නොදැක්විය යුතුයි.