
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මෑත කාලයේ විශේෂඥ වෛද්‍යවරුන් 195 ක් රට හැර ගිහින් තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"සෞඛ්‍ය ඩිජිටල්කරණය සඳහා අයවැය මුදල් වෙන්කර තිබෙනවා.ඒක හොඳ තීරණයක්.සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් ගොඩ නගන්න නම් අලුත් තාක්ෂණය සමඟ යා යුතුයි.රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා එය වැදගත් වෙනවා.එමෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සේවයට මුදල් වෙන් කිරීම අප අගය කරනවා.වසංගත රෝගී තත්ත්වයන්ට මුහුණ දීම සඳහාද අයවැයෙන් මුදල් වෙන්කර තිබෙනවා. එයද අගය කළ යුතුයි.
හොඳ දේවල් වලට හොඳයි කියන්න අප කුහක වන්නේ නැහැ.
එදා අප සුව සැරිය අරඹන කොට බිල්ලන් මැව්වා.රෝ ඔත්තු සේවය එන බව කිව්වා.නමුත් සුවසැරිය හරහා ජීවිත ලක්ෂ ගානක් බේරාගෙන තිබෙනවා යනුවෙන්ද කාවින්ද ජයවර්ධන මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සල්ලි වලින් ඉගෙනගෙන මොන හේතුවකටත් රට හැර නොයා රටට සේවය කරන රත්තරන් හදවත් ඇති මිනිසුන් ඉන්නවා. ඒ ගැනයි කතා කළ යුත්තේ. ගිය අයගෙන් වැඩක් නෑ.
ඇයි ඒගොල්ලන්ට ආලෝක වර්ෂ කුමාරයගේ පොහොසත් රට ගැන විශ්වාසයක් නැද්ද?. දැන් අපි විදුලිය නිපදවන්නේ ටොන් ගණනින්, කන්ටේනර් පන්නන්නේ තුන්සිය ගණනින්. අපරාදේ දාලා යන්නේ.
වෛද්‍යවරුන් නොමිලේ ඉගෙන ගන්නවානේ මූලික උපාධියට මෙහෙ. එහෙම අයට අනිවාර්යයෙන්ම රජයේ සෞඛ්‍ය සේවයේ යෙදිය යුතු අවුරුදු ගානක් නිර්දේශ කරලා දැඩිව ක්‍රියාත්මක කරන්න. අඩුම තරමේ අවුරුදු දහයක් වත්. ඒ අනිවාර්ය කාලය සම්පූර්ණ නොකරන අයට විදේශ ගත වෙන්න දෙන්න එපා. බදු ගෙවන දුප්පතාට අසාධාරණයි නේද නැත්තං? නොමිලේ හොඳ සෞඛ්‍ය සේවාවක් දුවන්න බෑ මෙහෙම වෛද්‍යවරු හිතුමනාපේ යන්න ගියොත්.
වෛද්‍ය උපාධීයට බඳව ගන්නකොටම ගිවිසුම් ගහන්න ඕනි රටින් යනවනම් උපාධියේ වියදම රජයට ගෙවන්න ඕනි කියල. දැන් දොස්තරල කියවගෙන ඒ ඇයි අපි විතරද නිකන් ඉගෙන ගත්තෙ කියල. වෙන වෘත්තිකයන්ට ඒක අදාල නෑ. මොකද හිඟයක් නෑ.පුද්ගලික වි වි පවා බිහි කරන්න පුලුවන් මෙය්ල උපාධිය ගන්නෙ තව කෙනෙක්ට දෙන්න පුලුවන් අවස්ථාවක් නැති කරල. පුද්ගලික වි වි දාන්න දෙන්නෙත් නෑ. ඒ නිසා දොස්තරලට විතරක් ඒ කියන්නෙ රටට අතිරික්තයක් එනකන් ගිවිසුම් ගහන්න ඕනි. රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉන්නවනම් ගිවිසුම් ඕන නෑ. ගියාට කමක් නෑ.
සුව සැරියට බිල්ලෝ මවපු කට්ටියත් එක්ක එකට කෑව අමතකද පහුගිය දවස්වල? ඒගොල්ලො සමහරක් රට හැර යන්නෙ තම තමන්ගෙ හෘද සාක්ෂියට එකඟවද කියල ප්‍රශ්නයක් තියෙනවා. සමහරු ඉගෙන ගන්න ගිහින් නෑවිත් ඉන්නවා.
තව පහක් ගියොත් රවුම් ගාණක් හින්දා මතක තියාගන්න ලේසියි...!
ඔබලා නොවේ සුවසැරිය ගෙනාවේ... එහි අයිතිකරු හර්ෂ... බිල්ලො මවපු අය ලෙමන් පෆ් කාලා ගියා.
උගත් අය තම පවුලේ සුබසිද්ධිය සඳහා රට හැර යනවා. තම දේශපාලනය තරම් උපයන්න, සැපට ඉන්නනූගත් මාරයින්, කප්පම්කාරයින්, පාතාලය, පගාකාරයින්, මහජන මුදල් හොරාකනවුන් රට විකුණන කොට කොහේ ඉන්නද?
මොවුන් කට්ට කාලා A /L පාස් කරලා වෛද්‍ය විද්‍යාලයට යන්නේම කවදා හරි විදේශගත වෙනවා කියන අරමුණෙන්මයි. නැතුව මේ පඩිමදි කතා හින්දා රජයේ වැරදි හින්දාම නෙමෙයි.