අර්චුනා තවත් ලෙඩක් දාගනියි අනුරාධපුර - රඹෑව ඒ 20 ප්‍රධාන මාර්ගයේදී රථ වාහන නීති උල්ලංඝනය කරමින් අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කළ බව කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාගේ රථය නතර කළ අවස්ථාවේදී, වලංගු රියදුරු බලපත්‍රයක් ලබා නොදී පොලිස් නිලධාරීනට සාපරාදී බලහත්කාරය පා බැන තර්ජනය කර ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි. 21 January 2025
කෝටි 7ක කේරළ ගංජා යාපනයෙන් අල්ලයි ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි හතකට අාසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 108යි ග්‍රෑම් 460 සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු යාපනය පල්ලිකුඩා ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව යාපනය පොලිසිය කියයි. 21 January 2025
ඒ - 9 මඟේ ලොරි අනතුරකින් තුනක් රෝහලේ යාපනය,නුවර ඒ නවය මාර්ගයේ මැදවච්චිය, ගල්කන්දේගම විද්‍යාලය ඉදිරිපිට දී අද (21) අලුයම ලොරි රථයක් තවත් ලොරි රථ තුනක ගැටී සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පූනෑව පොලිසිය පවසයි. 21 January 2025
මහනුවර - මහියංගන පාර යළි විවෘත කරයි නායයාමේ සහ ගල් පෙරළීමේ අවදානමක් මත තාවකාලිකව වසා දැමුණු මහනුවර මහියංගන මාර්ගය නැවත විවෘත කෙරුණ බව පොලිසිය කියයි. 21 January 2025
මුලතිව් වී ගබඩාව යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරයි මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි වසර ගණනාවක් වසා දමා තිබු වී ගබඩාවක් ශුද්ධ පවිත්‍ර කර යළිත් වී ගබඩා කළ හැකි අයුරින් ප්‍රතිසන්සකරණය කිරීමට මුලතිව් ප්‍රදේශයේ ආරක්ෂක අංශ කටයුතු කර තිබේ. 21 January 2025
පොළොන්නරු - මනම්පිටි දුම්රිය නවතී පොළොන්නරුව හා මනම්පිටිය අතර තාවකාලිකව ආරම්භ කළ දුම්රිය සේවාව අද (21) උදේ සිට නතර කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. 21 January 2025
වැඩි මිලට රතු කැකුළු විකිණූ සමුපේට වැඩ වරදී යක්කලමුල්ල විවිධ සේවා සමුපාකාර සමිතිය විසින් ආනයනික රතු කැකුළු සහල් කිලෝවක් රජයේ පාලන මිලට වඩා රුපියල් 299ක මුදලකට අලෙවි කරමින් සිටියදි කොටුකර ගැනිමට හැකිවු බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි. 21 January 2025
දෙමටගොඩ කසළ ගොඩින් උණ්ඩ මතු වේ දෙමටගොඩ මහින්ද ධර්ම මාවතේ පිහිටි කසළ ගොඩක තිබි උණ්ඩ හයක් සොයා ගත් බව පොලිසිය පවසයි 21 January 2025
හිටපු ජනපතිවරුන්ගේ නිවාසවල වටිනාකම මනින්න යයි හිටපු ජනාධිපතිවරුන් පාවිච්චි කරන නිල නිවාසවල වටිනාකම සම්බන්ධයෙන් සම්පූර්ණ තක්සේරු වාර්තා ලබා ගැනීමට රජය තීරණය කර ඇත. 21 January 2025
ගල්වලේ සේවකයෙක් සිරවී මරුට ගල්පාත පාතකඩ අරඹ කන්දවත්ත ගල් මෝලක ගල මුදුනේ ක්‍රියාත්මක වෙමින් තිබූ ස්කැවරේටර් යන්ත්‍රයක් හා පස් කණ්ඩියක් අතර සිරවීමෙන් දින 6 කට ඉහතදී සේවයට පැමිණි පුද්ගලයකු බරපතල තුවාල ලබා අද මිය ගොස් ඇතැයි තෙබුවන පොලිසිය කියයි. 20 January 2025
ට්‍රම්ප් දිවුරුම් දෙයි ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා සහ පුතු බැරන් ද සමඟ ඊයේ (20) අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ දිවුරුම් දුන්නේය. 20 January 2025
හිටපු ජනපති මහින්ද නිවසින් යන්න සූදානම් මහින්ද රාජපක්ෂ මහතා නිල නිවසින් ඕනෑම වෙලාවක ඉවත්ව යෑමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (20) පැවසීය. 20 January 2025
ගොවීහූ වී කිලෝවකට රුපියල් 140ක් ඉල්ලති වී කිලෝවක් සඳහා රුපියල් 130 ත් 140 ත් අතර ‘සහතික’ මිලක් ලැබිය යුතු යැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අද (20) පැවසීය. 20 January 2025
දිස්ත්‍රික්ක 4කට නායයෑම් අනතුරු ඇඟවීම් අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් බදුල්ල, නුවර, මාතලේ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. 20 January 2025
රග්බි සංගමයේ නිලවරණයට වාරණයක් ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලවරණය වලක්වමින් එම සංගමයේ නිලවරණ කමිටුව ඇතුළු සාමාජිකයින් හත් දෙනෙකුට වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා නිකුත් කළේය . 20 January 2025
වී සඳහා ‘අවම’ මිලක්? වී සඳහා සහතික මිලක් වෙනුවට අවම මිලක් ඉදිරියේදී ප්‍රකාශ කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (20) පැවසීය. 20 January 2025
බහලුම් තදබදයට ස්ථිර විසදුමක් දෙනවා කොළඹ වරායේ බහලුම් තදබදය නැති කිරීමට බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ අක්කර දෙකක බහාලුම් පරීක්ෂණ අංගනයක් කඩිනමින් ඉදිකරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය, බිමල් රත්නායක මහතා අද (20) පැවසීය. 20 January 2025
මහනුවර දුම්රිය එඩේරමුල්ලේද ගිනිගනී බෙලිඅත්තේ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝගාමී දුම්රියයේ එන්ජිම එඩේරමුල්ල දුම්රිය ස්ථානයේදී ගිනි ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (20) පස්වරුවේ පැවසීය. 20 January 2025
ක්ලීන් ශ්‍රී ලංකා විවාදය හෙට අනිද්දා ආණ්ඩුවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් දෙදින විවාදයක් හෙට (21)සහ අනිද්දා (22) පැවැත්වේ. 20 January 2025
එජාප සජබ එකතුවට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂ එකතුවක් සඳහා සාකච්ඡා ඇරඹීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (20)ඒකමතික තීරණයකට පැමිණියේය. 20 January 2025
වරායේ වැඩ ගැන බිමල් කනස්සල්ලෙන් ජනාධිපතිවරයා උපදෙස් දුන් ආකාරයට වරායේ කටයුතු සිදු නොවන බව ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 20 January 2025
පිරමීඩාකාර ආයතන 21ක් ප්‍රසිද්ධ කරයි ශ්‍රී ලංකා මහ බැංකුව 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර ඇති බවට නිර්ණය කළ ආයතන 21ක් අද (20) නිල වශයෙන් නිවේදනය කළේය. 20 January 2025
යොවුන් සේනාංකයට නව අධ්යක්ෂ ජෙනරාල්වරයෙක් ජාතික යොවුන් සේනාංකයේ අධ්යක්ෂ ජෙනරාල්වරයා ලෙස ගාමිණී වික්රමපාල මහතා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යය සුනිල් කුමාර ගමගේ අතින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේදී පත්වීම් ලිපිය භාරගත්තේය. 20 January 2025
කෝටි 2ක ගජමුතු සමග 2ක් අල්ලයි රුපියල් දෙකෝටි විසි ලක්ෂයක මුදලකට අලෙවි කිරීමට සූදානම් වූ ගජමුතු 7 ක් සමග සැකකරුවන් දෙදෙනකු දිවුලපිටිය නගරයේදී පෙරේදා (19) අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය පවසයි. 20 January 2025
අල්ලස් ගත් සීවලී විදුහලේ විදුහල්පති රිමාන්ඩ් බණ්ඩාරවෙලා සීවලී මහා විද්‍යාලයේ පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා වැලි කියුබ් එකක් සහ සිමෙන්ති කොට්ට දහයක් ඉල්ලා රුපියල් දහ අටදාස් පන්සියයක මුදලක් පාසල අසල හාඩ්ව්යාර් එකට බැර කරවාගත් සැකකාර විදුහල්පතිවරයා ලබන 31 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (20) නියෝග කළාය. 20 January 2025
අග්‍රාමාත්‍යවරිය චීන අලුත් අවුරුදු සැමරුම මහජන චීන සමූහාණ්ඩුවේ අලුත් අවුරුද්ද සැමරීමට සමගාමීව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය එක්ව චීන අලුත් අවුරුදු උත්සවය සැමරීමේ වැඩසටහනක් කොළඹදී පැවැත්වීය 20 January 2025
ආණ්ඩුවේ ආයතන රටට බරක් කරන්නේ නෑ රජය සතු ආයතන රජයට බරක් ලෙස නොව රටට ඵලදායී අත්‍යවශම ආයතන ලෙස පවත්වාගෙන යාමට කටයුතු කිරීම රජයේ අරමුණ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 20 January 2025
යෝජිත වයඹ ආණ්ඩුකාර කාර්යාලයේ කෝටි ගණනක යකඩ දිරයි වයඹ පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට ආණ්ඩුකාර කාර්ලයක් ඉදි කිරීම සඳහා මිලියන 294 මුදලක් වැයකර බාගෙට ඉදිකර ඇති ගොඩනැගිල්ල විනාශ වෙමින් පවතින බව සේවකයෝ පවසති. 20 January 2025
වික්ටර් අයිවන් සමු දෙයි කෘතහස්ත මාධ්‍යවේදීයකු මෙන්ම දේශපාලන විශ්ලේෂකයකු වූ අභාවප්‍රාප්ත වික්ටර් අයිවන් මහතාගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සෝ සුසුම්න් මැද දඩල්ල ආදාහනාගාරයේදි අද සිදුකෙරිණි. 20 January 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026